Home » විදුලිය අඩු කරන යෝජනා 06වැනිදා

විදුලිය අඩු කරන යෝජනා 06වැනිදා

by chanaka
December 2, 2024 10:46 am 0 comment

විදුලිය ගාස්තු සංශෝධන යෝජනාවලිය ලබන සිකුරාදා (06) මහජන උපයෝගීතා කොමිසමට භාරදෙන බව ලංකා විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු ඒ.ඩී.කේ.පරාක්‍රමසිංහ මහතා පැවසීය.

එය සකස් කිරීමේ ක්‍රියාවලිය අවසන් අදියරේ මේවන විට පවති.

පැවති ක්‍රමවේදයට අනුකූලව සියයට 06% සිට 11% දක්වා පරාසය තුළ විදුලි ගාස්තු අඩු කිරීමට මීට පෙර ලංකා විදුලිබල මණ්ඩලය යෝජනාවක් ඉදිරිපත් කෙරිණි.

එය ප්‍රතික්ෂේප කරමින් මහජන උපයෝගීතා කොමිසම දැනුම්දී තිබුණේ 2025 වසරේ මුල් මාස 06 පිළිබඳ සළකා ගාස්තු සංශෝධන යෝජනාව යළි සකස් කර එවන ලෙසයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT