Home » දීඝ දන්තුගේ බඩේ තිබූ මුදල් කාසිය – බලන්න ආපු මිනිස්සු වල්ගයට කරපු දේ

දීඝ දන්තුගේ බඩේ තිබූ මුදල් කාසිය – බලන්න ආපු මිනිස්සු වල්ගයට කරපු දේ

by chanaka
December 2, 2024 9:40 am 0 comment

පසුගියදා විදුලිසැර වැදී අවාසනාවන්ත අන්දමින් මිය ගිය දීඝදන්තු 01 හස්තියාගේ මරණය සම්බන්ධයෙන් ඉකුත් දා (29) සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේ දී එම සත්වයාගේ උදරයේ තිබී රුපියල් 10 කාසියක් සොයාගැනීමට මරණ පරීක්ෂණය සිදු කළ නිලධාරීන්ට හැකිව තිබේ.

මෙම සත්ත්වයාගේ මරණය විදුලි සැර වැදීමක් හේතුවෙන් සිදුව ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණය මඟින් තහවුරු වූ බව අනුරාධපුර පණ්ඩුලගම වනජීවී පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා සඳහන් කළේය.

මේ අතර දීඝදන්තු හස්තියා මිය ගිය බව දැනගත් මොහොතේ පටන් එම ස්ථානයට එම සත්ත්වයාගේ දේහය නැරඹීමට පැමිණි පිරිස මිථ්‍යා මත වල එල්බ සිටීම නිසා මියැදුණු දීඝගේ වල්ගයේ කෙඳි සියල්ලම ගලවාගෙන යාමට කටයුතු කර තිබුණි. මෙවැනි අකාරුණික කටයුතු කිරීමෙන් වළකින ලෙසට ද වනජීවි නිළධාරීහූ ජනතාවගෙන් ඉල්ලා සිටිති.

 

තිසර සමල් – අනුරාධපුර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT