කතරගම සෙල්ල කතරගම ප්රදේශයේදී කඩුවකින් පහරදී කපා කොටා පුද්ගලයෙකු ඝාතනය කර ඇතැයි කතරගම පොලිසිය පවසයි.
මෙලෙස ඝාතනය කර ඇත්තේ, කතරගම සෙල්ල කතරගම ප්රදේශයේ පදිංචි 39 හැවිරිදි එච්.කේ. ප්රසන්න කුමාර නමැති තිදරු පියෙකි.
මෙම ඝාතනයට සෙල්ල කතරගම ප්රදේශයේ පදිංචි පුද්ගලයින් පස්දෙනෙකු සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වූ බව පොලිසිය සදහන් කරයි.
තම නිවස අසළ සිදු වු ආරවුලක් බේරිමට ගිය අවස්ථාවේ දී මෙම පුද්ගලයා මෙසේ අවාසනාවන්ත ලෙස කඩු පාහරට හසුව තිබේ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් කතරගම පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් විමර්ශන කටයුතු සිදු කරන අතර සැකකරුවන් කිසිවකු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැත.
දින දෙකක තුළ සෙල්ල කතරගම සිදු වු 02 වැනි කපා කොටා සිදු කළ පුද්ගල ඝාතනය මෙය බව වාර්තාවේ.
(කතරගම කේ. ඩි දේවප්රිය)