Monday, April 21, 2025
Home » දින 02 ක් තුල සෙල්ල කතරගම සිදු වු 02වැනි ඝාතනය මෙන්න

දින 02 ක් තුල සෙල්ල කතරගම සිදු වු 02වැනි ඝාතනය මෙන්න

by chanaka
December 1, 2024 11:18 am 0 comment

කතරගම සෙල්ල කතරගම ප්‍රදේශයේදී කඩුවකින් පහරදී කපා කොටා පුද්ගලයෙකු ඝාතනය කර ඇතැයි කතරගම පොලිසිය පවසයි.

මෙලෙස ඝාතනය කර ඇත්තේ, කතරගම සෙල්ල කතරගම ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි එච්.කේ. ප්‍රසන්න කුමාර නමැති තිදරු පියෙකි.

මෙම ඝාතනයට සෙල්ල කතරගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් පස්දෙනෙකු සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වූ බව පොලිසිය සදහන් කරයි.

තම නිවස අසළ සිදු වු ආරවුලක් බේරිමට ගිය අවස්ථාවේ දී මෙම පුද්ගලයා මෙසේ අවාසනාවන්ත ලෙස කඩු පාහරට හසුව තිබේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් කතරගම පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් විමර්ශන කටයුතු සිදු කරන අතර සැකකරුවන් කිසිවකු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැත.

දින දෙකක තුළ සෙල්ල කතරගම සිදු වු 02 වැනි කපා කොටා සිදු කළ පුද්ගල ඝාතනය මෙය බව වාර්තාවේ.

(කතරගම කේ. ඩි දේවප්‍රිය)

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT