Monday, April 21, 2025
Home » කොවිඩ් ආසාධිතයින් බේරා ගන්න ගුවන් හමුදාව හැදූ යන්ත්‍රයට ජාත්‍යන්තර සම්මානයක්

කොවිඩ් ආසාධිතයින් බේරා ගන්න ගුවන් හමුදාව හැදූ යන්ත්‍රයට ජාත්‍යන්තර සම්මානයක්

by chanaka
December 1, 2024 11:07 am 0 comment

ශ්‍රී ලංකා තත්ව ඵලදායිතා සංගමය විසින් 49 වැනි වරටත් සංවිධාන කරනු ලැබු (SLAAQP) ජාත්‍යන්තර තත්ව පාලන සමුළුවේ දි ශ්‍රි ලංකා ගුවන් හමුදාව විසින් ජාත්‍යන්තර තත්ව පාලන රන් සම්මානය හිමි කර ගත්තේය.

ආසියානු රටවල් 14 ක ගේ සහභාගීත්වයෙන් ශ්‍රී ලංකා තත්ව ඵලදායිතා සංගමය (SLAAQP) විසින් 2023 වසරේදි සංවිධාන කරන ලද තත්ව ඵලදායිතාව පිළිබඳ ජාතික සම්මේලනයේ දී ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් දේශීයව නිර්මාණයකර නිෂ්පාදනය කරන ලද තාප හියුම්කරණ ඔක්සිජන් ප්‍රතිකාර ඒකකය (HHOT) රන් සම්මානය හිමි කර ගැනිමට සමත්විම හේතුවෙන් එය 49 වැනි ජාත්‍යන්තර තත්ව පාලන ප්‍රදර්ශනය සදහා ඉදිරිපත් කිරිමට සුදුසුකම් ලැබීය.

ගුණාත්මක භාවය, ඵලදායිතාව සහ නවෝත්පාදනය සඳහා වූ ගවේෂණයක්’ යන තේමාව මුල්කර ගනිමින් 2024 නොවැම්බර් 11 සිට 13 දක්වා ගල්කිස්ස හෝටල් පරිශ්‍රයේ හා BMICH පරිශ්‍රයේදී පැවැති 49 වැනි ජාත්‍යන්තර තත්ව පාලන ප්‍රදර්ශනයේදී (ICQCC) ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ‘තත්ව වැඩිදියුණු කිරීම් සහ නවෝත්පාදන’ කාණ්ඩය යටතේ ‘Hope of Wings’ යන සන්නාමයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් දේශීයව නිර්මාණයකර නිෂ්පාදනය කරන ලද තාප හියුම්කරණ ඔක්සිජන් ප්‍රතිකාර ඒකකය(HHOT) වෙනුවෙන් මෙම රන් සම්මානය හිමි කර ගන්නා ලදී.

කොවිඩ් ආසාධිත රෝගින්ගේ ශ්වසන අපහසුතාවය මගහරවා ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් නිපදවනු ලැබු මෙම තාප හියුම්කරණ ඔක්සිජන් ප්‍රතිකාර ඒකකය (HHOT) ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ගම්පහ රෝහල,තෙල්දෙනිය රෝහල, පේරාදෙණිය රෝහල‌ ,රාගම රෝහල, කළුතර රෝහල ඇතුළු දිවයිනේ රෝහල් රැසකට ප්‍රධානය කරනු ලැබු අතර එමගින් රෝගීන්ගේ ඡීවිත රැසක් බේරා ගැනීමට හැකි විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT