Home » ලෝක ඒඩ්ස් දිනය අදයි – මෙවර භය හිතෙන අනාවරණ ගණනාවක්

ලෝක ඒඩ්ස් දිනය අදයි – මෙවර භය හිතෙන අනාවරණ ගණනාවක්

by chanaka
December 1, 2024 10:58 am 0 comment

ලෝක ඒඩ්ස් දිනය (01) අදයි. “ අයිතිය සුරකිමු – ඒඩ්ස් නවතමු “ යන්න මෙවර තේමාව කර ගනිමින් අද ඒඩ්ස් දිනය සමරනු ලැබේ.

නව එඩ්ස් රෝගීන්ගේ සීග්‍ර වැඩිවිමක් මේ වන විට දක්නට ලැබෙන අතර වසර 2020 සිට 2022 දක්වා කාලය තුළ නව රෝගීන් 200 – 300 අතර සංඛ්‍යාවක් හමු වුවද පසුගිය වසරේ (2023) දී එම සංඛ්‍යාව 694ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය වින්ධ්‍යා කුමාරපේලී මහත්මිය පැවසුවාය.

හදුනාගත් නව රෝගින්ගෙන් සියයට 15 – 20ක් පමණ නව යොවුන් වියේ පසුවන්නන් බවද ඇය පැවසීය.

ජංගම දුරකථන භාවිතය තුලින් ගොඩනගා ගන්නා නව සබඳතාවන්, සහකරුවෙක් හෝ සහකාරියෙකු සොයා ගැනීමට තිබෙන පහසුව, නිසි ලිංගික අධ්‍යාපනයක් නොලැබීම හා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි විම වැනි හේතු මත නව යෞවුන්වියේ දරුවන් ඒඩ්ස් ආසාදිතයින් බවට පත්ව ඇතැයි ඇය පවසා සිටියාය.

වසර 1987 පළමු ඒඩ්ස් රෝගියා සොයා ගත් දින සිට මේ දක්වා රෝගින් 5000ක් පමණ සොයාගෙන ඇති නමුත් එයින් ප්‍රතිකාර සඳහා යොමු වන්නේ 3500ක පමණ පිරිසක් බව විශේෂඥවරිය අවධාරණය කරයි.

පිරිමි පිරිමි අතර ඇතිවන ලිංගික හැසිරිම හේතුවෙන් ඔවුන් අතර රෝගය සිඝ්‍රයෙන් බෝවීමට පටන් ගෙන ඇති බවත් කාන්තාවන් 1ට පිරිමින් 2ක් වශයන් තිබු රෝග ව්‍යාප්තිය මේ වන විට 7ට 1 දක්වා වර්ධනය වි ඇති බවත් හඳුනාගෙන ඇත.

ඒඩ්ස් දිනයේ ජාතික සැමරුම අද පෙරවරු 8.00 ගෝල්ෆේස් පිටියේදී අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති නලීන්ද ජයතිස්ස සහ සෞඛ්‍ය නියෝජ්‍ය ඇමති වෛද්‍ය හසංක විජයමුණි මහතා ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT