Thursday, April 24, 2025
Home » අම්බුළුවාව නාය යයි ද? ජනතාවගෙන් ඉල්ලීමක්

අම්බුළුවාව නාය යයි ද? ජනතාවගෙන් ඉල්ලීමක්

by yasara
December 1, 2024 10:19 am 0 comment

මඩ සහිත ජලය පොළොව ඇතුලතින් සහ දිය පහරවල් කිහිපයකින් අම්බුළුවාව කදු මුදුන පිහිටි පහත් බැවුමකින් ගලා ගෙන එම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස ප්‍රදේශයේ ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.

හෙම්මාතගම ගම්පොල කදුකර ගමන් මාර්ගයේ වත්තේකඩේ ප්‍රදේශයේ ස්ථාන කිහිපයකින් මෙම දිය පහරවල් ගලා ගෙන අතර පසුගිය 29 වැනිදා ජනතාව සහ හෙම්මාතගම පොලිසිය විසින් එම රක්ෂිත කොටසේ කරන ලද සොයා බැලීමකදි එම ස්ථාන හදුනා ගැනීමට හැකි වී තිබෙයි

මින් පෙර වසරවල් වලදි ඒ අවට දිය පහරවල් වල මඩ සහිත ජලය ගලා එමක් සිදු නොවු අතර මෙම තත්වය කුමන හේතුවක් නිසා හට ගෙන ඇත්දැයි නොදන්නා  බව ගම්වාසීන් පවසයි.

අම්බලාව, වත්තේකඩේ සහ පහත් බෑවුමේ ගම්මාන රැසක ජනතාව මෙහි සමහර දිය පහරවල් වලින් බිමට ජලය ලබා ගන්නා අතර එහි පිහිටා ඇති සමහර ජල ටැංකි මඩ සහිත ජලයෙන් පිරි ඇති බව ද ජනතාව අවධාරණය කරයි.

වැසි තත්ත්වය පහව යාම සමඟ මෙම තත්ත්වය දැනට පහ ගොස් ඇති අතර මේ  පිළිබඳ කඩිනම් අවධානය යොමු කරන ලෙස ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT