Home » ඩීඑස්අයි පාසල් වොලිබෝල් නාත්තන්ඩිය ධම්මිස්සරයට ශූරතා 5ක්

ඩීඑස්අයි පාසල් වොලිබෝල් නාත්තන්ඩිය ධම්මිස්සරයට ශූරතා 5ක්

by sachintha
November 30, 2024 1:51 am 0 comment

ංකා වොලිබෝල් සම්මේලනය සහ ශ්‍රී ලංකා පාසල් වොලිබෝල් සංගමය එක්ව ඩී. සැම්සන් සහ පුත්‍ර සමාගමේ පූර්ණ අනුග්‍රහයෙන් සංවිධාන කරන ඩීඑස්අයි පාසල් වොලිබෝල් තරගාවලියේ පළමු දිනයේදී ශූරතා 5ක් දිනා ගැනීමට නාත්තන්ඩිය ධම්මිස්සර ජාතික පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ.

කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ ඊයේ ආරම්භ වූ මේ තරගාවලියේ අවසන් තරගවලදී ධම්මිස්සර විදුහල් කණ්ඩායම් අවුරුදු 11 සහ 13න් පහළ බාලක බාලිකා සමඟ 15න් පහළ බාලක තරගය ජය ගැනීමට සමත් වූහ.

තරගාවලිය ආරම්භ කරමින් පැවති අවුරුදු 11න් පහළ බාලිකා තරගයේදී නාත්තන්ඩිය ධම්මිස්සර විදුහල හමුවේ අනුරාධපුර ශ්‍රී රාහුල විදුහල් වට 2-0කින් (15-7 සහ 15-12) පරාජය වූ අතර, බාලක තරගයේදී මිනුවන්ගොඩ රෙජී රණතුංග විදුහල් පිල වට 2-0කින් (15-13 සහ 15-12) පරාජය කිරීමට ධම්මිස්සර ක්‍රීඩකයෝ සමත් වූහ.

13න් පහළ බාලිකා සහ බාලක තරගවලදී නාත්තන්ඩිය ධම්මිස්සර ජාතික පාසල් කණ්ඩායම් හමුවේ පිළිවෙළින් ගම්පහ මාබිම විද්‍යාකර මහ විදුහල (21-14 හා 21-15) සහ ඉඹුලාන ශ්‍රී සේන විදුහල (21-7 සහ 21-3) වට 2-0ක් ලෙස පරාජය විණි.

15න් පහළ බාලිකා තරගයෙන් මහව විජයබා මධ්‍ය විද්‍යාලයට එරෙහිව වට 3-2ක් ලෙස ජයක් හිමි කර ගැනීමට හුංගම විජයබා ජාතික පාසල ක්‍රීඩිකාවෝ සමත් වූහ. උණුසුම් මුහුණුවරක් ගත් එම තරගයේ ලකුණු තත්ත්වය සටහන් වූයේ 25-21, 23-25, 22-25, 25-22 හා 15-10ක් ලෙසිනි. බාලක තරගයේදී නාත්තන්ඩිය ධම්මිස්සර පිල 3-2කින් රුවන්වැල්ල රාජසිංහ විදුහල පරාජය කළේය. තරගාවලියේ දෙවැනි සහ අවසන් දිනය වන අද (30) අවුරුදු 17 සහ 19න් පහළ බාලිකා සහ බාලක තරග පැවැත්වීමට නියමිතය.

නිරෝෂාන් ප්‍රියංකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT