Tuesday, April 22, 2025
Home » ලෝක කුසලානයට ගිය දෘශ්‍යාබාධිත ක්‍රිකට් පිලට ශ්‍රී ලංකා ක්‍රිකට් රු. ලක්ෂ 60ක් දෙයි

ලෝක කුසලානයට ගිය දෘශ්‍යාබාධිත ක්‍රිකට් පිලට ශ්‍රී ලංකා ක්‍රිකට් රු. ලක්ෂ 60ක් දෙයි

by sachintha
November 30, 2024 1:50 am 0 comment

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා මහතා විසින් අනුග්‍රහක චෙක්පත ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් සංගමයේ සභාපති සුදේශ් තරංග මහතා වෙත පිරිනැමූ අයුරු.

 

පාකිස්තානයේ පැවැත්වෙන දෘශ්‍යාබාධිත විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රුපියල් ලක්ෂ 60ක අනුග්‍රහයක් දක්වයි. ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන් 21ක් සඳහා ගුවන් ටිකට්පත් සහ වීසා ලබා ගැනීම සඳහා මේ අනුග්‍රාහකත්වය පිරිනැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කළේය. ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායමට පාකිස්තානයේ පැවැත්වෙන දෘශ්‍යාබාධිත විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගිවීමට නොහැකි තත්ත්වයක් උදාවී තිබියදී ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක සභාව මේ මුදල් ප්‍රදානයට අනුමැතිය ලබාදී ඇත.

මෙයට අමතරව සංචාරයට පෙර සූදානමක් ලෙස පුහුණුව උදෙසා ක්‍රීඩාංගණ පහසුකම් හා පැති විකට් මෙන්ම පුහුණුවට අවශ්‍ය ක්‍රීඩා භාණ්ඩ පහසුකම් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මඟින් ලබාදීමට කටයුතු යොදා ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය 2014 වසරේ සිට අවස්ථා ගණනකදී ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායමට අනුග්‍රාහකත්වය ලබාදී ඇති අතර, එම සංචාරවලට අවශ්‍ය ක්‍රිකට් උපකරණ ද පිරිනැමිණි. 2014 ඔස්ට්‍රේලියානු සංචාරය, 2016 ආසියානු කුසලාන තරගාවලිය, 2017 වසරේ පැවති දෘශ්‍යාබාධිත ක්‍රිකට් ලෝක කුසලානය, 2018 වසරේ එක්දින දෘශ්‍යාබාධිත ලෝක කුසලානය, 2019දී ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත පිලේ පාකිස්තාන සංචාරය සහ 2022දී ඉන්දියාවේ පැවති විස්සයි20 දෘශ්‍යාබාධිත ලෝක කුසලානයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහකත්වය පිරිනැමිණි.

ප්‍රින්ස් ගුණසේකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT