Home » කුසල් ජනිත් පන්දු 15න් 50යි

කුසල් ජනිත් පන්දු 15න් 50යි

by sachintha
November 30, 2024 1:48 am 0 comment

අබුඩාබි ටී10න් තරගාවලියේදී පන්දු 15කින් ලකුණු 50ක් රැස් කිරීමට නිව්යෝර්ක් ස්ට්‍රයිකර්ස් කණ්ඩායමේ කුසල් ජනිත් පෙරේරා සමත් විය.

මේ ඉනිම හේතුවෙන් තරගාවලියේ 27 වැනි තරගයෙන් නොදන් වොරියර්ස් පිලට එරෙහිව ස්ට්‍රයිකර්ස් පිලට කඩුලු 9ක ජයක් අත්විය. මේ තරගාවලියේ ස්ට්‍රයිකර්ස් පිල තරග 6කදී හිමි කර ගත් තෙවැනි ජය මෙයයි.

මේ තරගයේදී අබුඩාබි ටී10 තරග ඉතිහාසයේ සිව්වැනි වේගවත්ම අර්ධ ශතකය රැස් කිරීමට සමත් වූ කුසල් ජනිත් ඉනිම නිමා වන විට පන්දු 27කින් නොදැවී ලකුණු 74ක් රැස් කර තිබිණි. ඔහුගේ ඉනිම හතරේ පහර 6කින් සහ හයේ පහර 7කින් වර්ණවත් විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT