Monday, April 21, 2025
Home » අනතුරකට පෙර A – 9 මාර්ගයේ මාර අතු ඉවත් කර දෙන්න

අනතුරකට පෙර A – 9 මාර්ගයේ මාර අතු ඉවත් කර දෙන්න

-මගී ජනයා ඉල්ලති

by sachintha
November 30, 2024 1:38 am 0 comment

පවත්නා වැසි තත්ත්වය හමුවේ මහනුවර – යාපනය A – 9 මාර්ගයේ මාතලේ සිට දඹුල්ල දක්වා කොටසේ වසර ගණනාවක් පැරණි මාරගස්වල දිරා ගිය අතු කඩා වැටෙමින් පවතින හෙයින් ඒවා ඉවත් කර දෙන මෙන් මඟී ජනතාව රජයෙන් ඉල්ලීමක් කරති.

වසර දෙසීයක් පමණ පැරණි මාර ගස්වලින් සැලකිය යුතු ප්‍රමාණයක් මේ වන විට ඉවත් කර ඇතත් තවමත් ඉතිරිවී ඇති මාර ශාකවල අතු කඩාවැටීමේ අවදානමට ලක්ව ඇතැයි මඟී ජනතාව පවසා සිටිති.

වැසි හා සුළං හේතුවෙන් දිරා ගිය මාර අතුවල කොටස් මඟීන්ගේ සිරුරු මතට හා මහමඟ ගමන් ගන්නා රථවලට කඩාවැටීම පසුගිය දිනවල සිදුවිණි.

අවදානම් සහිත මෙම මාර ගස්වල අතු හෝ ශාක මුළුමනින්ම ඉවත් කර ඒ වෙනුවට මහමඟ අලංකරණය සඳහා වෙනත් සුදුසු ශාක සිටුවන ලෙස ඔවුහු රජයෙන් ඉල්ලා සිටිති.

නාඋල සමූහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT