Home » කුඹුරු වැඩට ගොස් ගංවතුරට කොටු වූ 3ක් බෝට්ටුවෙන් ගොඩට

කුඹුරු වැඩට ගොස් ගංවතුරට කොටු වූ 3ක් බෝට්ටුවෙන් ගොඩට

by sachintha
November 30, 2024 1:37 am 0 comment

වැලිකන්ද වඩුමුණ ප්‍රදේශයේ වෙල්යායක කුඹුරු වැඩට ගොස් ගංවතුරට කොටුවී සිටි වාලච්චේන ප්‍රදේශයේ පදිංචි ද්‍රවිඩ පුද්ගලයන් තිදෙනකු ඊයේ උදේ 9.00ට පමණ වැලිකන්ද පොලිසියේ නිලධාරින් හා ආපදා සහන නිලධාරින් බෝට්ටුවක ආධාරයෙන් ගොඩබිමට ගෙනවිත් තිබේ.

වාලච්චේන ප්‍රදේශයේ සිට වැලිකන්ද, වඩුමුනේ කුඹුරු වැඩට පැමිණි වාලච්චේන ප්‍රදේශයේ පදිංචි මෙම පුද්ගලයන් ඉකුත් 26 වැනිදා සිට ගංවතුරට කොටුවී පැල්පතක අතරමංවී සිටින අවස්ථාවේ වැලිකන්ද පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.එන්.එස්.සී. රත්නායක මහතා ප්‍රධාන වැලිකන්ද ප්‍රදේශීය ලේකම් එන්.එම්. හෛරුන්නිශා මහත්මිය ආපදා සහනසේවා නිලධාරී එන්.ජී. ජයන්පති බණ්ඩාර යන මහත්ම මහත්මියන් එක්ව බෝට්ටුවක ආධාරයෙන් මෙම පුද්ගලයන් ගොඩබිමට ගෙන එනු ලැබීය. සහන සේවා මෙම කණ්ඩායම ගොඩබිම සිට කිලෝමීටර් 2 පමණ දුරක් වැලිකන්ද පොලිසියේ අයත් බෝට්ටුවක ගොස් ගංවතුරට කොටුවී සිටි අවුරුදු 50 – 30 ත් අතර වයසැති පුද්ගලයන් තිදෙනකු ගොඩබිමට ගෙනඒමට සමත්විය.

ඇලහැර – සරත් වෙලගෙදර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT