Home » වාන් දමන වෑමැඩිල්ල ජලාශයේ තරුණයෝ මාළු බාති

වාන් දමන වෑමැඩිල්ල ජලාශයේ තරුණයෝ මාළු බාති

by sachintha
November 30, 2024 1:31 am 0 comment

මෑත භාගයේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් ඉදිකරනලද මාතලේ දිස්ත්‍රික්කයේ පළමු ජලාශය වන වෑමැඩිල්ල ජලාශය මේ දිනවල ඇදහැලෙන මහවැසිවලින් පසුව උතුරායාමට පටන්ගෙන ඇත. මෙම තත්ත්වය නිසා මෙම ජලාශය පහළින් ඉදිකර ඇති නිවාසයන්ට මහත් අවදානමකට මුහුණපෑමට සිදුවී ඇති බව ප්‍රදේශවාසීහු පවසති. කෙසේවෙතත් මෙසේ ජලාශය උතුරායාමෙන් පසු මසුන් ඇල්ලීම පෙදෙසේ තරුණ පිරිසේ රැකියාව බවට මේදිනයන්හි පත්ව ඇත. මෙම තත්ත්වය නිසා මෙතෙක් කිලෝව රුපියල් දහස ඉක්මවා පැවති වැව්මාළු කිලෝවක මිල රුපියල් හත්සීයට අඩුවී ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.

මාතලේ දිස්ත්‍රික් සමූහ – ඒ.ඒ.එල්. ඩයස්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT