Home » විදුලි රැහැනක පැටලී තරුණ පියා ජීවිතක්ෂයට
හොරෙන් ගම්මිරිස් කඩන්න වත්තකට පැනලා

විදුලි රැහැනක පැටලී තරුණ පියා ජීවිතක්ෂයට

by sachintha
November 30, 2024 1:18 am 0 comment

ගම්මිරිස් වගා බිමකට ඇද තිබූ අනවසර විදුලි රැහැනක පැටලී 24 හැවිරිදි අයකු මියගොස් ඇතැයි ගම්පොළ පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ ගම්පොළ, වත්තහේන, අඟුරුමුල්ල ප්‍රදේශයේ පදිංචි අමුහේනේගෙදර වීරක්කොඩි ගුණසේකර නමැති එක්දරු පි‍ෙයකි.

ඇදහැලෙන දැඩි වර්ෂාවද නොතකා මොහු රාත්‍රී කාලයේදී අයිතිකරුට හොරෙන් වත්තහේන ප්‍රදේශයේම තිබූ මෙම ඉඩමට ඇතුළුව ගම්මිරිස් කඩමින් සිටියදී අයිතිකරු විසින් දමා තිබූ මෙම විදුලි රැහැනට පැටලී ඇති බව පොලිසිය පවසයි.

මේ දිනවල ගම්මිරිස් මිල ඉහළ යාම සමඟ සතුන්ගෙන් හා සොරුන්ගෙන් එම වතු ආරක්ෂා කර ගැනීම සඳහා හිමිකරුවන් විසින් විවිධ ආරක්ෂක ක්‍රම අනුගමනය කිරීමට පෙලඹී සිටි.

ඒ ආකාරයට මෙම වතු හිමියා විදුලි බලමණ්ඩලයට අයත් විදුලි රැහැනකින් අනවසරයෙන් විදුලිය ගෙන මෙම ගම්මිරිස් වගාවට යොදා ඇති බව පරීක්ෂණවලින් හෙළි වී තිබේ. මෙම වතු හිමියා විදුලි රැහැනේ පැටලී සිටි පුද්ගලයා දැක ඒ බව පොලිස් හදිසි ඇමතුම් අංශයට දන්වා ඇත්තේ වෙනත් බාහිර අයකු එම සිද්ධිය දන්වන ආකාරයටය. නමුත් මොහුගේ අංකය හඳුනා ගැනීමත් සමඟ ඒ බව ඔහු පොලිසිය ඉදිරියේ පිළිගෙන ඇත.

විදුලිසර වැදී මෙම පුද්ගලයා මියගිය බව දැනගත් ඔහුගේ හිතවතුන් හා ඥාතීන් වතු හිමියාගේ නි‍ෙවසට හා දේපළවලට පහර දී බරපතළ අලාභ හානි කර ඇති අතර ඒ සම්බන්ධයෙන් ද පොලීසිය පරීක්ෂණයක් අරඹා ඇත. සිද්ධිය වූ ස්ථානයට පැමිණි ගම්පොළ වැඩබලන මහේස්ත්‍රාත් රංජිත් ප්‍රේමරත්න මහතා සිරුර ගම්පොළ රෝහල වෙත රැගෙන ගොස් පරීක්ෂණ සිදු කරන ලෙස නියෝග කරනු ලැබීය. ඒ අනුව ඊයේ (29) එම පරීක්ෂණය කිරීමට නියමිතව තිබුණි.

 

ගම්පොළ සුරංග දිල්හාන්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT