Home » කොටසක් කඩාවැටුණු පාලමක් මතින් ධාවනය වූ මෝටර් රථයක් ගඟට වැටී 3ක් මරුට

කොටසක් කඩාවැටුණු පාලමක් මතින් ධාවනය වූ මෝටර් රථයක් ගඟට වැටී 3ක් මරුට

-ගමන් කර ඇත්තේ ගූගල් සිතියමේ ආධාරයෙන්

by sachintha
November 30, 2024 1:59 am 0 comment

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ මාර්ගයක කොටසක් කඩාවැටුණු පාලමක් මතින් ධාවනය වූ මෝටර් රථයක් ගඟට වැටීමෙන් එහි ගමන් ගත් පුද්ගලයන් තිදෙනකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි ද, ඔවුන් තිදෙනා රැගත් මෝටර් රථය ලොව ජනප්‍රිය ගූගල් සිතියමේ මාර්ග උපදෙස් අනුව එම පාලම මතින් ධාවනය කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මේ වසර මුල් භාගයේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයට බලපෑ අධික ගංවතුර හේතුවෙන් බිඳවැටුණු එම පාලම පිළිබඳ ප්‍රදේශවාසීන් දැනුම්වත්ව සිටියද සංචාරකයන් වැනි ආගන්තුකයන් එවැනි අවදානමක් ගැන නොදැන සිටි බැවින් මේ අනතුර සිදුවී ඇතැයි වාර්තා වේ.

රිය අනතුරට හේතුව ගූගල් සිතියමේ උපදෙස් බවට ප්‍රදේශවාසීන් ඇතුළු විශාල පිරිසක් චෝදනා එල්ල කළද, අනතුරුදායක පාලම පිළිබඳ සඳහන් මාර්ග බාධක හෝ සංඥා පුවරු සවිකර නොතිබීම හේතුවෙන් පොලිසිය විසින් ප්‍රාන්තයේ මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරුවරුන් සිවුදෙනකුට චෝදනා කරමින් නඩු පැවැරීමට කටයුතු යොදා ඇතැයි ද වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT