Home » මාස 6කට පසු උතුරු අහසේ චීන බැලූනයක්

මාස 6කට පසු උතුරු අහසේ චීන බැලූනයක්

-තායිවාන ආරක්ෂක අමාත්‍යාංශය කියයි

by sachintha
November 30, 2024 1:58 am 0 comment

උතුරු තායිවානයේ ඉහළ අහසේ චීන බැලූනයක් දර්ශනය වූ බවත්, එවැනි සිදුවීමක් වාර්තා වූයේ මාස 6කට පසුව බවත් තායිවාන ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මෙවැනි හඳුනාගත නොහැකි බැලූන චීනයෙන් සිදුවන හිරිහැර ලෙස දකින තායිවානය සිය භූමිය උල්ලංඝනය කිරීමක් ලෙස එය හඳුන්වා ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

විවෘත සටනකින් තොරව අවිධිමත් උපක්‍රම භාවිත කරමින් සතුරකු වෙහෙසට පත් කිරිම සඳහා මෙවැනි ක්‍රියාකාරකම් සිදු කරන බවට චීනයට චෝදනා එල්ල කරන තායිවානය සිය රට දෙසට බැලූනයක් පියාසර කරවීම ද එහි එක් පියවරක් ලෙස හඳුන්වා දී ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

පසුගිය ජනවාරි මාසයේ තායිවානයේ ජනාධිපතිවරණයට සති කිහිපයකට පෙර සිට තායිවාන අහසේ එවැනි බැලූන විශාල වශයෙන් දර්ශනය වූ බවත්, අවසන් වරට එවැනි බැලූනයක් දර්ශනය වූයේ පසුගිය අප්‍රේල් මාසයේදී බවත් තායිවාන ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් නිවේදනය කර ඇතැයි වාර්තා වේ. නාවික සැතපුම් 60ක් දුරින් උතුරු තායිවාන අහසේ පැය දෙකක කාලයක් පියාසර කර ඇතැයි කියන එම බැලූනය අනතුරුව අතුරුදන්වූ බවත් තායිවාන ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළ බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT