Home » දකුණු ආසියාතික ටිබෙට් ප්‍රජාවට අමෙරිකාවෙන් පස් අවුරුදු වැඩසටහනක්

දකුණු ආසියාතික ටිබෙට් ප්‍රජාවට අමෙරිකාවෙන් පස් අවුරුදු වැඩසටහනක්

by sachintha
November 30, 2024 1:58 am 0 comment

ඉන්දියාව හා නේපාලය වැනි දකුණු ආසියාතික රටවල ජීවත්වන ටිබෙට් ජාතිකයන්ට සහායවීම සඳහා පස් අවුරුදු වැඩසටහනක් ආරම්භ කිරීමට අමෙරිකානු රජය ඉදිරිපත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ටිබෙට් අරමුදල සහ මධ්‍යම ටිබෙට් පරිපාලනය හා ඒකාබද්ධව එම වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට අමෙරිකානු රජය පියවර ගෙන ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

ටිබෙට් ප්‍රජාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීම, සමාජයීය හා සංස්කෘතික වර්ධනය කිරීම ඇතුළු කරුණු රැසක් මුල් කරමින් ක්‍රියාත්මක කිරීමට යෝජිත එම පස් අවුරුදු වැඩසටහන ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන අමෙරිකානු ඒජන්සිය මඟින් මෙහෙයවීමට නියමිත බව ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

පසුගියදා ඉන්දියාවේ දරම්සාලා නුවර දී එම වැඩසටහන ආරම්භ කර ඇති අතර, ඒ සඳහා අමෙරිකානු නියෝජිතයන් මෙන්ම ටිබෙට් පරිපාලනයේ නිලධාරීන් හා නායකයන් ද එක්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT