Home » ලෝක මාධ්‍ය නිදහස දර්ශකයේ බංග්ලාදේශය 165ට වැටෙයි

ලෝක මාධ්‍ය නිදහස දර්ශකයේ බංග්ලාදේශය 165ට වැටෙයි

by sachintha
November 30, 2024 1:57 am 0 comment

ලෝක මාධ්‍ය නිදහස දර්ශකයේ රටවල් 180ක් අතරින් බංග්ලාදේශය 165 වැනි ස්ථානය දක්වා පහත වැටී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මීට වසර ගණනාවකට පෙර එනම්, 2015 වසරේදී බංග්ලාදේශය ලෝක මාධ්‍ය නිදහස දර්ශකයේ 145 වැනි ස්ථානයේ පසුවූ බව ද වාර්තා වේ. එරට අවාමි ලීග් පක්ෂයේ සහ බංග්ලාදේශ ජාතිකවාදි පක්ෂයේ රජය යටතේ ද අභියෝග රැසකට මුහුණ පෑමට සිදුවූ බව කියන එරට මාධ්‍යවේදීන්ට අන්තර්වාර රජය යටතේ ද එවැනිම තර්ජනයක් සහ අභියෝග රැසක් එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

පසුගිය අගෝස්තුවේ ශෙයික් හසීනාගේ රජය බිඳවැටීමෙන් පසු අන්තර්වාර පාලනය යටතේ පෙර නොවූ විරූ අයුරින් බංග්ලාදේශයේ මාධ්‍ය නිදහසට තර්ජන එල්ල වී ඇතැයි ද, එරට ජ්‍යෙෂ්ඨ හා අත්දැකීම් බහුල මාධ්‍යවේදීන් 300කට වැඩි පිරිසකට දැනටමත් ඝාතන චෝදනා එල්ල වී ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

මේ වනවිට බංග්ලාදේශ අන්තර්වාර රජය තෝරාගත් මාධ්‍යවේදීන් 167 දෙනකුගේ රාජ්‍ය මාධ්‍ය හැඳුනුම්පත අහෝසි කර ඇති බවත්, විදේශීය සතුරු බලවේගවල මිතුරන් බවට හඳුන්වමින් තවත් මාධ්‍යවේදින් විශාල පිරිසකට විදෙස් ගමන් තහනම් කර ඇති බවත් වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT