Home » ඔත්තු බැලීමේ චෝදනාවට ලක්වූ චීන මාධ්‍යවේදියාට වසර 7ක සිරදඬුවම්

ඔත්තු බැලීමේ චෝදනාවට ලක්වූ චීන මාධ්‍යවේදියාට වසර 7ක සිරදඬුවම්

by sachintha
November 30, 2024 1:53 am 0 comment

විදේශීය රටකට ඔත්තු බැලූ බවට චෝදනා එල්ල වූ චීනයේ මාධ්‍යවේදියකුට වසර 7ක සිරදඬුවම් නියම වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. චීනයේ රාජ්‍ය මාධ්‍ය ආයතනයක සේවය කළ 62 හැවිරිදි ඩොං යූයූ නමැති මේ මාධ්‍යවේදියා 2022 වසරේ පෙබරවාරි මාසයේ දිනයක චීනයේ ජපාන රාජ්‍යතාන්ත්‍රික නිලධාරියකු සමඟ දිවා ආහාරය ගනිමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇති ඩොං යූයූ විදේශීය රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් සමඟ සමීප සබඳතා පැවැත්වූ මාධ්‍යවේදියකු බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

අමෙරිකාවේ සහ ජපානයේ මාධ්‍ය සංවිධාන රැසක සාමාජිකයකු බව කියන එම මාධ්‍යවේදියා සමඟ ආහාර ගනිමින් සිටි ජපාන රාජ්‍යතාන්ත්‍රික නිලධාරීයා ද අත්අඩංගුවට ගනු ලැබුවද, පැය කිහිපයකට පසුව ජපාන රජයේ විරෝධතා මධ්‍යයේ ඔහු නිදහස් කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය. ඔහු චීන කොමියුනිස්ට් පක්ෂයට සම්බන්ධ එරට ප්‍රධාන ජාතික පුවත්පතක් වන ‘ගුවාංමිං ඩේලි‘ පුවත්පතේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු ලෙස කටයුතු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT