Home » මහ වැස්සෙන් හානි වූ පාලම වෙනුවට දින 2කින් නිමා වූ තාවකාලික පාලම

මහ වැස්සෙන් හානි වූ පාලම වෙනුවට දින 2කින් නිමා වූ තාවකාලික පාලම

by manjula
November 30, 2024 11:12 pm 0 comment

අධික වර්ෂාව නිසා හානි වුණු මාර්ග හා පාලම් පිළිසකර කිරීම සඳහා අමාත්‍යවරයා ලබාදුන් උපදෙස් අනුව ලහි ලහියේ දිවා රෑ නොනවත්වා වැඩ කළ මාර්ග සංවර්ධන අධිකාරියේ කාර්‍ය මඬුල්ල මනම්පිටිය- අරලගංවිල (B – 502 ) මාර්ගයේ 19/1 හානි වූ පාළම වෙනුවට යෝජනා වූ තාවකාලික යකඩ පාළම ඉදි කිරීම ඊයේ රාත්‍රී අවසන් කර තිබෙනවා.

අද උදෑසන සිට එය රථ වාහන ධාවනයට විවෘත කෙරුණා. මෙහි විශේෂත්වය වන්නේ සාමාන්‍යයෙන් දින 15ක් දක්වා ගත වන මෙම කාර්යය ⁣ඉංජිනේරුවන් සහ කාර්ය මඬුල්ලේ දිවා රාත්‍රී අඛණ්ඩ කැප වීම නිසා දින දෙකකින් නිමා වීමයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT