Monday, April 21, 2025
Home » එජාපය සහ සජබ එකතු වෙනවාට අකමැති පිරිස් දෙපැත්තේම ඉන්නවා

එජාපය සහ සජබ එකතු වෙනවාට අකමැති පිරිස් දෙපැත්තේම ඉන්නවා

-මල්වතු නාහිමියෝ කියති

by sachintha
November 30, 2024 1:52 am 0 comment

එජාප හා සමගි ජන බලවේගය එකතු වෙනවාට එම පක්ෂ තුළම අකමැති පිරිස් සිටින බව පෙනෙන්නට ඇතැයි මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියෝ පවසති.

හිටපු ආණ්ඩුකාර නවීන් දිසානායක මහතා ඊයේ (29) මල්වතු මහා විහාරයට ගිය අවස්ථාවේ මහනාහිමියෝ මේ බව පැවසූහ. රනිල් පාර්ශ්වයේ හා සජිත් පාර්ශ්වයේ එකතුවීමක් පාක්ෂිකයින් සිතන නමුත් ඇතැම් දේශපාලනඥයින් පක්ෂය හා රටට වඩා තමන්ගේ පෞද්ගලික දේශපාලන වාසිය ගැන සිතා මෙම එකතුවීමට අකමැති ස්වරූපයක් මාධ්‍ය වාර්තා මඟින් දැක ගැනීමට ලැබෙන බවත් උන්වහන්සේ කීහ.

තවදුරටත් උන්වහන්සේ මෙසේද පැවසීය.

පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජනය කරන පිරිස කුඩා වුවත් ඔවුන්ට ද රට වෙනුවෙන් කරන්නට විශාල කාර්යභාරයක් තිබෙනවා. මෙහි දී අදහස් දැක්වූ නවීන් දිසානායක මහතා එදා එක පෑන් පාරින් ආර්. ප්‍රේමදාස මහතා ගාමිණී දිසානායක මහතාව ඇමැති ධුරයෙන් ඉවත් කළ බවත් බලය නොමැති වූ තැන නිවෙසට පැමිණෙන පිරිස ද ක්‍රමයෙන් අඩුවී ගිය බවත් පැවසුවේය.

දේශපාලනඥයාගේ සියල්ල රැඳී තිබෙන්නේ බලය මත බවත් බලය නැති වූ තැන ජනතාව ද ඔහු අත්හැර යන බවත් ඒ මහතා පැවසීය.

එදා ගාමිණී හා ලලිත් පාර්ලිමේන්තු නියෝජනයක් නොමැතිව පාර්ලිමේන්තුවෙන් පිටත සිට විපක්ෂයේ භූමිකාව ගෙනගිය බවත් වත්මන් පාර්ලිමේන්තුව තුළ විපක්ෂය නියෝජනය කරන පිරිස අඩු නිසා පාර්ලිමේන්තුවෙන් පිටත සක්‍රිය භූමිකාවක් ගෙන යෑම අත්‍යවශ්‍යම කාරණයක් බවත් හෙතෙම පැවසුවේය.

ජනතා විමුක්කි පෙරමුණ සියයට 3 සිට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකට වැඩි බලයක් ලබා ගැනීම සඳහා වන ආකාරයෙන් ශක්තිමත්ව නැඟී සිටි බවත් ඔවුන් ගෙන් ඉගෙන ගත යුතු දේවල් තිබෙන බවත් දිසානායක මහතා කීය.

අසේල කුරුළුවංශ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT