Home » සොරාගත් ඩ්‍රෝන කැමරාවක් මෙට්ටය යටින් ගිනිඅවියක්
මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් ජාවාරම්කරුගේ නි‍ෙ‍වසේ

සොරාගත් ඩ්‍රෝන කැමරාවක් මෙට්ටය යටින් ගිනිඅවියක්

by mahesh
November 29, 2024 1:00 am 0 comment

බණ්ඩාරගම - බිමල් ජයසිංහ

හෙරොයින් මත්කුඩු සමඟ අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේ දී නාවික හමුදාවේ විශ්‍රාමික උසස් නිලධාරියෙකුගේ නිවෙසින් සොරාගත් ඩ්‍රෝන කැමරාවක් මෙන්ම ඊට අමතරව ගිනිඅවියක් ද පොලිස් භාරයටගැනීමට හැකිවූ බව බණ්ඩාරගම පොලීසිය පවසයි.

ප්‍රධාන සැකකරු සමඟ සොරකමට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනකුගෙන් අයෙකුද අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව පොලීසියය පවසයි.

බණ්ඩාරගම මැදගම ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හෙරොයින් මත්කුඩු තොගයක් සන්තකයේ තබාගෙන ගම්මන්පිල වැව අසල වසා තිබෙන ලෑලි කඩයක් ඉදිරිපිට රැඳී සිටින බවට බණ්ඩාරගම පොලීසියට අනුයුක්ත බස්නාහිර පළාත් බුද්ධි නිලධාරියකුට ලද තොරතුරකට අනුව සැකකරු හෙරොයින් මත්කුඩු මිලිග්‍රෑම් 6030ක් සමඟ අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.

අනතුරුව එම සැකකරු පදිංචි නි‍ෙවස පරීක්ෂා කිරීමේ දී නි‍ෙවස තුළ තිබූ ඩ්‍රෝන කැමරාවක් හමුවීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේ දී තවත් පුද්ගලයන් දෙදෙනකු සමඟ එක්ව විදේශගතව සිටින බණ්ඩාරගම ගම්මන්පිල ප්‍රදේශයේ නාවික හමුදාවේ විශ්‍රාමික උසස් නිලධාරියකුට අයත් කිසිවෙකු පදිංචි නොමැති නිවෙස බිඳ එහි දොර ජනේලවලට සවිකර තිබෙන පිත්තල සරණේරු සහ නි‍ෙවස තුළ තිබූ ඩ්‍රෝන කැමරාව සහ පදක්කම් සොරාගත් බවට අනාවරණය කළ බව පොලීසිය පවසයි.

පොලිස් නිලධාරීන් නි‍ෙවස තුළ තවදුරටත් සිදු කළ සෝදිසි මෙහෙයුමේ දී මෙට්ටය යට සඟවා තිබූ ගිනිඅවියක්ද සොයා ගැනීමට හැකි වී ඇති අතර ඒ සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු නිශ්චිත තොරතුරු අනාවරණය නොකළ බව පොලීසිය පවසයි.

තවද එය ගිනිඅවියක්ද? වායු රයිෆලයක්ද? යන්න අනාවරණය කරගැනීම සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් ද කැඳවීමට නියමිතය.

ගිනිඅවියක් නම් එය උපයෝගී කරගෙන යම් යම් අපරාධ සිදුකර තිබේද? වෙනත් අපරාධකරුවන් අතට පත් කර තිබේද? යන්න හා එය සැකකරුට ලද ආකාරය සම්බන්ධයෙන් අනාවරණය කර ගැනීම සඳහා රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීමට නියමිතය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT