ශ්‍රී ලංකාවේ පාසල් ක්‍රිකට් ක්ෂේත්‍රයට අතිවිශාල මෙහෙයක් කළ බී.එස්. පෙරේරා මහතා සිහිවීම උදෙසා ශ්‍රී ජයවර්ධනපුර මහ විදුහල් ක්‍රීඩාංගණයේ ඉදිකළ ලකුණු පුවරුව ඊයේ විවෘත කෙරිණි. විදුහල්පති ගාමිණී හෙට්ටිආරච්චි මහතාගේ හා 94, 95 ආදි සිසු ක්‍රිකට් සංගමයේ ආරාධනාවෙන් බී.එස්. පෙරේරා මහතාගේ සොහොයුරු ප්‍රකට සමාජ සේවක ධර්මවීර පෙරේරා මහතා අතින් මේ ලකුණු පුවරුව විවෘත විය.
වසර 15කට අධික කාලයක් අඛණ්ඩව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ ලේකම් ලෙස කටයුතු කළ බී.එස්. පෙරේරා මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු සාමාජිකයකු ලෙස ද කටයුතු කළේය. 80 දශකයේදී ශ්‍රී ලංකාවේ අන්තර් පාසල් ලීග් ක්‍රිකට් තරගාවලිය ආරම්භ කිරීමේ පුරෝගාමියා ලෙස කටයුතු කළ ඒ මහතා මෙයට මාස කිහිපයකට පෙර මියයන විටදී 79 වියෙහි පසු විය.