රත්නපුර අධිකරණ බල ප්‍රදේශයේ විශෝධනයට ලක්වූ පවුල්වල දූ දරුවන් අධ්‍යාපනිකව බල ගැන්වීමේ අරමුණින්, එම දරුවන් සඳහා අධ්‍යාපනික උපකරණ බෙදාදීමේ වැඩසටහනක් රත්නපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සමන් ඩී. කේ. ලියණපතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් රත්නපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී ඉකුත් (22) වැනිදා පැවැත්විණි.
විශෝධනයට ලක්වූ අයගේ දරුවන්ගේ සහ එම පවුල්වල අයගේ ආර්ථික තත්ත්වය ඉහළ දැමීමේ අරමුණින් ඔවුන්ට ස්වයං රැකියා උපකරණ ප්‍රදානය කිරීමක් ද මෙහිදී සිදුවිණි.
මෙම වැඩසටහන ජාතික රටවිරු පදනමේ මූල්‍ය අනුග්‍රහයෙන් හා සිංහ සමාජයේ ලෙල්ලුපිටිය කාර්යාලය ඇතුළු ආයතන කිහිපයක අනුග්‍රහයෙන් සිදු කෙරිණි.
මෙහීදි විශෝධිත හා ආන්තිකරණයට ලක්වූ පවුල්වල දූ දරුවන් 150 දෙනකුට අධාපනික උපකරණ පිරිනැමිණි.
මෙම අවස්ථාවට රත්නපුර ප්‍රාදේශීය ලේකම් ප්‍රදීපිකා ඩී. ඉලුක්කුඹුර, සබරගමුව පළාත් ජ්‍යෙෂ්ඨ විශෝධන නිලධාරී හා රත්නපුර අධිකරණ සංකීර්ණයේ ප්‍රජා විශෝධන නිලධාරී රුවන් කුමුදුලාල්, ජ්‍යෙෂ්ඨ ප්‍රජා විශෝධන නිලධාරී නීතිඥ ප්‍රියන්ත සිංහආරච්චි, සංවර්ධන නිලධාරී හා ප්‍රජා විශෝධන නිලධාරිනී නදීකා පියරත්න, රත්නපුර දිස්ත්‍රික් රාජ්‍ය නොවන ආයතන සම්බන්ධීකාරක කරුණාරත්න, සමාජ සේවා නිලධාරී ලාල් නන්දසේන, ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරී ගොවින්දී, කලාපීය සිංහ කාන්තා වරුණි කුරුප්පු, ලෙල්ලුපිටිය සිංහ සමාජයේ සභාපති ජගත් සේනාරත්න, බළන්ගොඩ වැවිලි සමාගමේ සහකාර වතු අධිකාරී ප්‍රියන්ත විතාන යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක්ද විශෝධිත හා ආන්තිකරණයට ලක්වූ පවුල්වල දූ දරුවන් ඇතුළු ඔවුන්ගේ මාපියන්ද එක්ව සිටියහ.