Sunday, April 20, 2025
Home » ගණිකා නිවාසයක සුරූපී ලියන් 9ක් දැලේ
කොළඹ මැද්දේ මහල් නිවෙසක ජයටම කරගෙනගිය

ගණිකා නිවාසයක සුරූපී ලියන් 9ක් දැලේ

කළමනාකරුත් ඒ අතර

by mahesh
November 29, 2024 1:00 am 0 comment

හල්තොට සමූහ - විනීතා මානෙල් ගමගේ සහ දෙහිවල එච්. එම්. ධර්මපාල

කොළඹ කොම්පඤ්ඤවීදිය ආරක්ෂක විද්‍යාලය ආසන්නයේ මහල් නිවාසයක දීර්ඝ කාලයක් තිස්සේ මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා එහි කළමනාකරු සමඟ සුරූපී කාන්තාවන් නව දෙනකු අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය පවසයි.

මෙම කළමනාකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් පන්සියක්ද පොලිසිය භාරයට ගෙන තිබේ.

වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ උප පොලිස් පරීක්ෂක චතුරංග මහතාට ලද තොරතුරකට අනුව බුද්ධි අංශයේ පො. සැ. 409 විජේරත්න හා පො.කො. 39850 යන නිලධාරින් විසින් ආවේක්ෂණ රාජකාරියේ යෙදෙමින් තොරතුරු තහවුරු කර ගැනීමෙන් පසුව අධිකරණය මඟින් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත මෙම වැටලීම සිදුකර තිබේ.

මෙම නිවාසය මහල් හතරකින් සමන්විත වන අතර දිවා රාත්‍රී පැය විසි හතර පුරාම ගණිකා සේවය ලබා දෙන බව පොලීසිය විසින් අනාවරණය කරගෙන තිබේ.

මීට අමතරව මෙම කාන්තාවන්ට නැවතීමේ පහසුකම් ද ලබාදෙන අතර කළමනාකරු විසින් ඔවුන්ට අවශ්‍ය නම් අයිස් මත්ද්‍රව්‍යද සපයන බව පොලීසිය පවසයි.

රුපියල් පන්දාහේ සිට ඉහළ මිල ගණන්වලට සේවාවන් සපයන මෙම කාන්තාවන් අගනුවර ප්‍රධාන කාර්යාලවල සේවය කරන අයවන අතර ඔවුන් බදුල්ල, මාතර, මහනුවර, අනුරාධපුර, කඩවත, කිරිබත්ගොඩ, කිරුළුපන යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 22 සිට 45 අතර වයස්වල පසුවෙන කාන්තාවන් බව පොලීසිය පවසයි.

මෙම මහල් නිවාසයේ නවාතැන් පහසුකම් සැපයීමටද වෙනම කාමර පිළියෙල කර ඇති අතර මෙම මහල් නිවාසයේ මහල් හතරම සම්පූර්ණයෙන්ම මෙම ගණිකා වෘත්තිය සඳහා යොදා ගැනීමට කටයුතු කර තිබෙන බව පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් කළමනාකරු කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වේ.

වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ අධ්‍යක්ෂ සමන්තිලක වැලිවිට මහතාගේ නියෝග හා අධීක්ෂණයෙන් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂක චතුරංග, පො.කො. 89059 පෙරේරා, 93425 ධනුෂ්ක, 97342 දිසානායක, 104547 කුරුකුලසූරිය,100677 ලක්ෂිත,102352 දිල්හාර, කා.පො.කො. 13103 සමිතා, පො.කො.රි. 80132 උදේෂ් යන නිලධාරීහු මේ පිළිබඳ විමර්ශන සිදු කළහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT