Home » බදුල්ල දිස්ත්‍රික් කමිටු සභාපති ධූරය ඇමති සමන්තට

බදුල්ල දිස්ත්‍රික් කමිටු සභාපති ධූරය ඇමති සමන්තට

by yasara
November 29, 2024 2:36 pm 0 comment

බදුල්ල දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති වරයා ලෙස බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා  වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා 2024.11.18 දින සිට බල පැවැත්වෙන පරිදි  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත්කර ඇතැයි රාජ්‍ය පරිපාලන පලාත් සභා හා පලාත් පාලන අමාත්‍යාංශය පවසයි.

ජාතික සංවර්ධන සැලසුම් වලට අනුකුලව  ප්‍රාදේශීය මට්ටමේදි රාජ්‍ය ආයතන හා රාජ්‍ය නොවන ආයතන විසින් ක්‍රීයාත්මක කරනු ලබන සියලුම සංවර්ධන කටයුතු සම්බන්ධිකරණය කිරීම ක්‍රීයාත්මක කිරීම හා මෙහෙයවීම හා පසු විපරම් කිරීම දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ වගකීම වේ.

දිස්ත්‍රික් මට්ටමින් මහජනතාව මුහුණ දෙන ගැටළු නිරාකරණය කර ගැනීමට අවශ්‍ය තීරණ ගැනීමට හැකිවන පරිදි නිලධාරින්ගේ සහභාගිත්වය ලබා ගැනීමට ද දිස්ත්‍රික් සම්බන්ධිකරණ සභාපති වරයා හට බලය පැවරෙන බවද රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය  මහාචාර්ය ඒ.එච්.එම් එච් අභයරත්න මහතා විසින් අදාළ පත් කිරිම සිදුකරමින් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා වෙත ලිපියක් යොමු කර තිබෙයි

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT