Home » තාවකාලික පාලම් ඉදිකිරීමට පියවර

තාවකාලික පාලම් ඉදිකිරීමට පියවර

by chanaka
November 29, 2024 1:13 pm 0 comment

පසුගිය දින කිහිපය තුළ පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මාර්ග සහ පාලම් කිහිපයකට හානි සිදුව ඇති බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එස්. පී. එම්. සූරියබණ්ඩාර මහතා පවසයි.

විශේෂයෙන්ම උතුර, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල මාර්ග රැසකට දැඩි ලෙස හානි සිදුව ඇති බව ඔහු පැවසීය.

කොළඹ – රත්නපුර – වැල්ලවාය – මඩකලපුව මාර්ගය සහ මනම්පිටිය අරලංගන්විල මාර්ගයේ හානියට පත් පාලම් වෙනුවට තාවකාලික පාලම් ඉදිකිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය පියවර ගෙන ඇති බව ඔහු සදහන් කළේය.

“කොළඹ – රත්නපුර – වැල්ලවාය – මඩකලපුව මාර්ගයේ 375/5 පාලමේ කොටසක් ලෙන. කෙසේ වෙතත් මාර්ගයේ එක් මංතීරුවක් මාර්ග සංවර්ධන අධිකාරිය විසින් තාවකාලිකව අලුත්වැඩියා කර ඇති අතර තාවකාලික පාලමක් ඉදිකිරීමට පියවර ගනිමින් පවතිනවා.”

19/1 පාලම මාර්ගය ඔස්සේ කඩා වැටීම හේතුවෙන් මනම්පිටිය – අරලංගන්විල මාර්ගය ගමනාගමනය සඳහා වසා දමා ඇති බව අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.

ඒ වෙනුවෙන් තාවකාලික වානේ පාලමක් ඉදිකිරීම ආරම්භ කර ඇති බව ද ඔහු සඳහන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT