Home » අයහපත් කාලගුණයෙන් මියගිය සංඛ්‍යාව ඉහළට

අයහපත් කාලගුණයෙන් මියගිය සංඛ්‍යාව ඉහළට

by chanaka
November 29, 2024 11:13 am 0 comment

දිවයිනට බලපා ඇති අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 13 දක්වා ඉහළ ගොස් තිබේ.

එසේම එක් අයෙකු තවදුරටත් අතුරුදන්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වේ.

වර්ෂාවෙන් සහ ජල ගැලීම්වලින් බලපෑමට ලක්වූ පුද්ගලයින් සංඛ්‍යාවද තවදුරටත් ඉහළ ගොස් තිබේ.

ඒ අනුව පවුල් 132, 110කට අයත් පුද්ගලයින් හාර 441, 590 දෙනෙකු මේ වන විට බලපෑමට ලක්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කරයි.

එසේම, සුරක්ෂිත මධ්‍යස්ථානවල රඳවා සිටින පුද්ගලයින් සංඛ්‍යාව 38, 616කි.

මේ අතර, ඩෙල්ෆ් දූපතේ සිටි රෝගී පුද්ගලයින් තුන්දෙනෙකු හෙලිකොප්ටර් යානාවකින් පලාලි ගුවන් කඳවුර වෙත රැගෙන විත් ගිලන් රථයක් ආධාරයෙන් යාපනය රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත් බව ගුවන් හමුදාව සදහන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT