Monday, April 21, 2025
Home » එළවළු ගණන් උස්සයි

එළවළු ගණන් උස්සයි

by chanaka
November 29, 2024 10:21 am 0 comment

අධික වැසි තත්ත්වයත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ එළවළු වගා කරන ලද බිම්වලින් සියයට 70 කට පමණ හානි සිදුවී ඇතැයි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ කඳපොළ, නුවරඑළිය, මන්දාරම්නුවර සහ තෙරිපැහැ යන ගොවිජන සේවා බල ප්‍රදේශවල එළවළු වගා බිම්වලට මෙලෙස දැඩි හානි සිදුවී ඇතැයි අනාවරණය වේ.

ලීක්ස්, ගෝවා, අර්තාපල් වගාවන් රැසක් වැසි ජලයෙන් විනාශ වී ඇති අතර, මේ හේතුවෙන් ඉදිරි දිනවලදී වෙළෙඳපොළට ලැබෙන උඩරට එළවළු ප්‍රමාණය විශාල ලෙස අඩුවීමේ අවදානමක් ඇත.

අධික සීතල තත්ත්වය හේතුවෙන් එළවළු වගාවේ රෝග ව්‍යාප්තියද ඉහළ ගොස් ඇතැයි ගොවිජන සේවා අංශ සඳහන් කරයි.

එළවළු වගා බිම් රැසකට හානි සිදුවීම හේතුවෙන් එළවළු මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත.

එළවළු වර්ග කීපයක තොග මිල ගණන් ඊයේ (28) ඉහළ ගොස් තිබුණේ මෙලෙසිනි.

බෝංචි රු.370-380, ලීක්ස් රු.160-180, කැරට් රු.150-160, තක්කාලි රු.200-270, නෝකෝල් රු.150-200, මාළු මිරිස් රු.500-600, අර්තාපල් (නුවරඑළිය) රු.250-260.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT