Home » වැව් අමුණු ජලාශ පිරී ඉතිරේ

වැව් අමුණු ජලාශ පිරී ඉතිරේ

කොත්මලේ වාන් දොරටු දෙකක් ඇරේ

by mahesh
November 29, 2024 1:00 am 0 comment

හැටන් - රංජිත් රාජපක්ෂ

නුවරඑළිය ප්‍රදේශයට තවදුරටත් අධික වැසි පතිත වීම හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු දෙකක් අඛණ්ඩව විවෘත කර ඇති බව එම ජලාශය භාර ඉංජිනේරුවර‍ෙයක් පැවසීය.

ඉහළ කොත්මලේ ජලාශයේ ජල මට්ටම ඉහළ මට්ටමට පැමිණෙන විට ජලාශයේ සෙසු වාන් දොරටු ස්වයංක්‍රියව විවෘත වන බැවින් ජලාශ වේල්ලට පහළින් කොත්මලාඔය දෙපස පදිංචිකරුවන් සැලකිලිමත් ලෙස සිටින ලෙස නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය ඉල්ලා සිටියි.

පවතින වර්ෂාවත් සමඟ හැටන් නුවරඑළිය සහ නුවරඑළිය – ගම්පොළ ප්‍රධාන මාර්ගයට ස්ථාන කිහිපයකින් පස් කඳු කඩා වැටී ඇති නිසා එම මාර්ගවල රථවාහන ධාවනයේදී සැලකිලිමත් ලෙස රිය ධාවනය කරවන ලෙස ආපදා කළමනාකරණ ඒකකය රියැදුරන්ගෙන් ඉල්ලා සිටියි.

ඇදහැලෙන අධික වර්ෂාවත් සමඟ සෙන් ක්ලෙයාර් සහ ඩොවොන් දිය ඇලිවල ජල ධාරිතාවද ඉහළ ගොස් ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT