Monday, April 21, 2025
Home » දැදුරුඔයේ වාන් ජලයට කොටුවූ තිදෙ‍ෙනක් බේරාගැ‍ෙනති

දැදුරුඔයේ වාන් ජලයට කොටුවූ තිදෙ‍ෙනක් බේරාගැ‍ෙනති

by mahesh
November 29, 2024 1:00 am 0 comment

රක්ෂණ ශ්‍රියන්ත

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් වයඹ පළාතට ඇදහැළුණු අධික වර්ෂාවෙන් දැදුරුඔය ජලාශයේ වාන්දොරටු විවෘත කිරීම හේතුවෙන් කොබෙයිගනේ අඩම්පන් ප්‍රදේශයේ සිරවී සිටි තිදෙනකු බේරා ගැනීමට යුද්ධ හමුදා භට පිරිස් ඊයේ (28) සමත් වූහ.

දැදුරුඔය ජලාශයේ වාන්දොරටු විවෘත කිරීමත් සමඟ පහත්බිම් ජලයෙන් යටවීම සිදු වූ අතර අඩම්පන් ප්‍රදේශයේ මසුන් ඇති කිරීමේ ව්‍යාපාරයේ යෙදී සිටි එක් ගැහැනු අයකු සහ පිරිමි පුද්ගලයන් දෙදෙනකු මෙලෙස එම ස්ථාන වෙත පිටත්ව ගොස් තිබූ අතර වාන්දොරටු විවෘත කිරීම හේතුවෙන් ඔවුන්ට නැවත නිවෙස් වෙත පැමිණීමට නොහැකිව මෙලෙස සිරවී ඇත. යුද්ධ හමුදාපතිතුමන්ගේ උපදෙස් මත ඇතිවී තිබෙන හදිසි තත්ත්වයට ප්‍රතිචාර දැක්වීමට සූදානමින් සිටි බටහිර ආරක්ෂක සේනා ආඥාපතිතුමන්ගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක යුද්ධ හමුදාවේ භට පිරිස් විසින් සිරව සිටි පුද්ගලයන් තිදෙනා නිරුපද්‍රිතව මුදාගැනීමට සමත් විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT