29
රුපියල් කෝටි තුනකට අධික වීථි වටිනාකමක් ඇති හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් නිට්ටඹුවේදී අත්අඩංගුවට ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය පෙරේදා (27) සමත්ව ඇත.
ගාල්ල අක්මීමන පදිංචි 28 හැවිරිදි වියේ පසුවන ව්‍යාපාරිකයෙක් සහ වේයන්ගොඩ රුක්මලේ පදිංචි 23 හැවිරිදි වඩු කාර්මිකයෙක් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සැකකරුවන් සතුව තිබී හෙරොයින් කිලෝ 01යි ග්‍රෑම් 50ක්ද අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 432ක් ද සොයාගත් බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සඳහන් කරයි.