Home » ලක්සලේ මුල්පුටුවට සුජීවා සේනානායක

ලක්සලේ මුල්පුටුවට සුජීවා සේනානායක

by mahesh
November 29, 2024 1:00 am 0 comment

නෙරංජලා වික්‍රමසිංහ
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන ඇමැති සුනිල් හඳුන්නෙත්ති මහතා අතින් නව ධුරයේ පත්වීම් ලිපිය භාර ගනිමින්

කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලය හෙවත් ලක්සලෙහි නව සභාපතිනිය ලෙස සුජීවා සේනානායක මහත්මිය පත් කර තිබේ.

ගණකාධිකාරි ක්ෂේත්‍රයේ වසර 25ක වෘත්තීය අත්දැකීම් ඇති පළපුරුදු නිලධාරිනියක වන සුජීවා සේනානායක මහත්මිය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ විශේෂ උපාධිධාරිනියක වන අතර, ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරි ආයතනයෙන් වරලත් ගණකාධිකාරි සුදුසුකම්ද සපුරා ඇත.

කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන ඇමැති සුනිල් හඳුන්නෙත්ති මහතා සහ අමාත්‍යාංශය සමඟ එක්ව, මේ වන විටත් ලාභ ලබන ලක්සල ආයතනයේ ලාභය තව දුරටත් වර්ධනය කරගනිමින් විදේශ වෙළෙඳපොළ වෙත ප්‍රවිෂ්ට වීමත්, ලක්සල ජාත්‍යන්තර සන්නාමයක් බවට පත් කිරීමත් තම ඉලක්කය බව නව සභාපතිනිය පැවසුවාය. ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලය වසර 60ක ඉතිහාසයේ ඉහළම ආදායම මේ වසරේදී මේ වන විටත් ලබා ඇති අතර, ඉදිරි මසය තුළ තව දුරටත් තම විකිණුම් වැඩි කර ආදායම් වර්ධනය කරගැනීමට බලාපොරොත්තු වෙයි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT