Home » සිල්ලර වෙළෙඳසලේ හිමිකාරිනියක අබිරහස් ලෙස මියගිහින්

සිල්ලර වෙළෙඳසලේ හිමිකාරිනියක අබිරහස් ලෙස මියගිහින්

by mahesh
November 29, 2024 1:00 am 0 comment

පොතුපිටිය - සුමිත් ප්‍රේමතිලක

සිල්ලර වෙළෙඳසලේ හිමිකාරිනියක වෙළෙඳසල තුළම හදිසියේම පෙරේදා (27) දින මියයාම සම්බන්ධයෙන් වාද්දුව පොලීසිය විසින් පරීක්ෂණ ආරම්භ කර ඇත.

මෙහි දී මියගොස් ඇත්තේ වාද්දුව පොලිස් වසමට අයත් දකුණු තල්පිටිය දළදාවත්ත පාර පදිංචි වයස අවුරුදු 60 පමණ වන බෝපිටියගේ දොන් යමුනා ගීතානි මහත්මිය වන අතර, ඇය එම ස්ථානයේ සිල්ලර බඩු වෙළෙඳසලක් පවත්වාගෙන යන අයෙකි. ඇය එම වෙළෙඳසල ඇතුළතින් අගුළුලා දින දෙකක් පමණ වසා ඇති බවට වාද්දුව පොලීසියට ලද තොරතුරක් මත පොලිස් නිලධාරින් පැමිණ පරීක්ෂා කිරිමේදී, ඇය වෙළෙඳසල තුළ මියගොස් ඇති බවට අනාවරණය වී ඇත. ඉහත කාන්තාව අසනීප තත්ත්වයෙන් සිට ඇති බවට අනාවරණය වී ඇති අතර පිටතින් පෙනීමට තුවාල කිසිවක් නොමැති බවත්, මෙම මරණය සම්බන්ධයෙන් පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තා කර වැඩිදුරටත් විමර්ශන කටයුතු වාද්දුව පොලිස් ස්ථානය මඟින් සිදු කිරීමට නියමිතව ඇති අතර, මරණයට හේතුවක් මෙතෙක් අනාවරණය වී නොමැති බව වාද්දුව පොලීසිය පවසයි. පානදුර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරින් සහ පානදුර අතිරේක මහේස්ත්‍රාත් ලහිරු එන් සිල්වා මහතා ස්ථානය පරීක්ෂා කරන ලදි.

වැඩිදුර පරීක්ෂණ කටයුතු වාද්දුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චාමින්ද පෙරේරා මහතාගෙ උපදෙස් පරිදි සිදු කරනු ලබයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT