Sunday, April 20, 2025
Home » මහවැසි මැද යාපනයේ කොල්ලකෑම් දෙකක්

මහවැසි මැද යාපනයේ කොල්ලකෑම් දෙකක්

by mahesh
November 29, 2024 1:00 am 0 comment

උතුරු පළාත් විශේෂ රසුල දිල්හාර ගමගේ

යාපනයේ අච්චුවේලි ප්‍රදේශයේ නි‍ෙවසකට මහ වැස්ස මැද පෙරේදා (27) පැමිණි හොරුන් පිරිසක් නි‍ෙවසේ තිබූ රුපියල් කෝටියක් පමණ වටිනා රන් පවුම් 53ක ස්වර්ණාභරණ හා මුදලින් රුපියල් ලක්ෂ 8ක් පැහැර ගෙන ගොස් තිබේ.

දියණියකගේ විවාහ මංගල උත්සවයේ දී දෑවැද්ද වශයෙන් ලබා දීමටත් වියදම් සඳහාත් මෙම ස්වර්ණාභරණ හා මුදල් නි‍ෙවසේ තබා තිබියදී හොරුන් විසින් රැගෙන ගොස් තිබේ.

නිවැසියන් හොරු පැමිණි අවස්ථාවේදී කෑකෝගසා ඇතත් වර්ෂාව හා අකුණු පිපිරෙන හඬ නිසා එම ශබ්දය කිසිවෙකුටත් ඇසී නොමැත. මේ අවස්ථාවේදී හොරු නිවැසියන්ට උල් ආයුධ පෙන්වා බියකොට ඔවුන් ලවාම මුදල් හා ස්වර්ණාභරණ ගෙන්වා ගෙන ඒවා සොරාගෙන පලා ගොස් තිබේ.

නිවැසියන් අච්චුවේලි පොලීසියට පවසා ඇත්තේ මෙම ස්වර්ණාභරණ හා මුදල් නි‍ෙවසේ ඇති බව දන්නා අයෙකු මෙම කොල්ලය සැලසුම් කරන්නට ඇති බවයි.

අච්චිවේලි පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි. මේ අතර යාපනයේ කයිතඩි ප්‍රදේශයේ කෝවිලක පූසාරිවරයාගේ නි‍ෙවසට කඩා වැදුණු පිරිසක් පූසාරිවරයා නි‍ෙවස තුළ ලණුවලින් බැඳ නි‍ෙවසේ තිබූ රුපියල් ලක්ෂ හතරක පමණ රන් මාල හා මුදලින් රුපියල් 45,000ක් කොල්ලකා පලා ගොස් තිබේ. මෙම කොල්ලය සඳහා තුන්දෙනකු පැමිණ ඇති අතර හොරු නි‍ෙවසට පැමිණෙන විට නි‍ෙවසේ සිට ඇත්තේ පූසාරිවරයා පමණකි. මේ පිළිබඳව චාවකච්චේරි පොලීසියට පැමිණිලි කිරීමෙන් පසුව පරීක්ෂණ ආරම්භකොට තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT