ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ කොළඹ දිසාව විසින් සංවිධාන කරන 59 වැනි කොළඹ කැම්පෝරිය අද (29) සිට දෙසැම්බර් මස 02 වැනිදා දක්වා කොළඹ විහාරමහාදේවී උද්‍යානයේදී පැවැත්වේ.
‘Together in Brave Exploration’ තේමාවෙන් මෙවර සංවිධාන කෙරෙන 59 වැනි කොළඹ කැම්පෝරියට සිඟිති, පෝතක, කනිෂ්ඨ, ජ්‍යෙෂ්ඨ සහ මානවක බාලදක්ෂයන් සහ නායකයන් අට දහසකට වැඩි පිරිසක් සහභාගී වීමට නියමිතය.
1914 වර්ෂයේ ආරම්භය සනිටුහන් කරවූ ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ කොළඹ දිසාව, වසර 110 සමරන මේ වසරේ පැවැත්වෙන 59 වැනි කොළඹ කැම්පෝරිය සංවිධායක කොමසාරිස් දේශාන් මිලින්ද මහතාගේ සහ දිසා කොමසාරිස් අමිල් අබේසුන්දර මහතාගේ නායකත්වය යටතේ සංවිධාන වේ.
කොළඹ විහාරමහාදේවී උද්‍යානයේ කඳවුරු බඳිමින් මෙවර 59 වැනි කොළඹ කැම්පෝරියට සහභාගී වන බාලදක්ෂයන් සඳහා ක්‍රියාකාරකම් රැසක් සංවිධායක මණ්ඩලය විසින් සූදානම් කර ඇති අතර, මේ කඳවුර සාර්ථක කරගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය, කොළඹ මහා නගර සභාව, ශ්‍රී ලංකා පොලීසිය ඇතුළු ත්‍රිවිධ හමුදාව සහාය දක්වයි.