Home » නව රජයේ වැඩපිළිවෙළ ආයෝජකයන් ආකර්ෂණය කරනවා

නව රජයේ වැඩපිළිවෙළ ආයෝජකයන් ආකර්ෂණය කරනවා

ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහකොමසාරිස්

by mahesh
November 29, 2024 1:00 am 0 comment

උපාලි කරුණාරත්න

අල්ලස් දූෂණවලින් තොර නව රජයේ වැඩපිළිවෙළ ආයෝජකයන් ආකර්ෂණය කරන බව ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් පෝල් ස්ටීවන්ස් (Paul Stephens) මහතා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහකොමසාරිස්වරයා එසේ සඳහන් කළේ පෙරේදා (27) ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා හමු වූ අවස්ථාවේදීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහකොමසාරිස්වරයා මෙලෙස ද කීවේය.

“ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩපිළිවෙළ අගය කරනවා. ඒ සඳහා ඕනෑම අවස්ථාවක අවශ්‍ය සහාය දීමට කටයුතු කරනවා. අල්ලස් සහ දූෂණයෙන් තොර යන්ත්‍රණයක් රට පුරා ස්ථාපිත කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙළට ඕනෑම අවස්ථාවක සහයෝගය දක්වනවා. ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින වසර 75ක මිතුදම තවදුරටත් ශක්තිමත් කරමින් දෙරට අතර සමීප සබඳතා ඉදිරියටත් පවත්වාගෙන යෑමට කටයුතු කරනවා.”

ජාතික ආරක්‍ෂාව, සමුද්‍රීය කටයුතු, ඩිජිටල්කරණය, රාජ්‍ය අංශය නවීකරණය, වෘත්තීය අධ්‍යාපනය සහ බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳ ඔස්ට්‍රේලියානු තාක්ෂණික සහාය දීම සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු කෙරිණි.

ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු නියෝජ්‍ය මහකොමසාරිස් ලලිතා කපූර් (Lalita Kapur), ජනාධිපති අතිරේක ලේකම් රොෂාන් ගමගේ මහත්ම මහත්මීහු මේ අවස්ථාවට එක්ව සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT