Monday, April 21, 2025
Home » අගමැතිනිය සහ තානාපතිවරුන් අතර හමුවක්

අගමැතිනිය සහ තානාපතිවරුන් අතර හමුවක්

by mahesh
November 29, 2024 1:00 am 0 comment

ජපානයේ තානාපති ISOMATA Akio

අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය සහ රටවල් කිහිපයක තානාපතිවරුන් අතර හමුවක් අගමැති කාර්යාලයේදී පසුගියදා (26) පැවැත්විණි. මෙහිදී රාජ්‍යතාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීම සහ විවිධ ක්ෂේත්‍රවල සහයෝගිතාව වර්ධනය කරගැනීම පිළිබඳව සාකච්ඡා කෙරිණි.

ඊජිප්තුවේ තානාපති Adel Ibrahim, ඉරානයේ තානාපති ආචාර්ය Alireza Delkhosh, ජපානයේ තානාපති ISOMATA Akio සහ වතිකානුවේ තානාපති (Apostolic Nuncio) වන අතිඋතුම් රදගුරු Monsignor Brian Udaigwe යන විදෙස් තානාපතිවරු මෙලෙස අගමැතිවරිය හමුවී සාකච්ඡා කළහ.

අගමැති ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා ඇතුළු තානාපති කාර්යාලවල ජ්‍යෙෂ්ඨ නියෝජිතයන්, රාජ්‍ය නිලධාරීහු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT