Monday, April 21, 2025
Home » කාර්තිව් ට්‍රැක්ටර් අනතුරට අදාළව විදුහල්පති සහ ගුරුවරයෙක් රිමාන්ඩ්

කාර්තිව් ට්‍රැක්ටර් අනතුරට අදාළව විදුහල්පති සහ ගුරුවරයෙක් රිමාන්ඩ්

by chanaka
November 29, 2024 10:35 am 0 comment

අම්පාර, කාර්තිව් ප්‍රදේශයේදී ට්‍රැක්ටර් රථයක් සැඩ පහරට හසුවීමෙන් සිසුන් 05 දෙනෙකු මියගොස් තවත් සිසුවෙකු අතුරුදන් වීමේ සිද්ධියට අදාළව නින්දවූර් මද්‍රසා පාසලේ විදුහල්පතිවරයා සහ ගුරුවරයෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

මද්‍රසා පාසලේ විදුහල්පතිවරයා, එහි ගුරුවරයෙකු සහ අදාළ ට්‍රැක්ටර් රථයේ සහායකයින් දෙදෙනා පොලීසිය විසින් ඊයේ (28) අත්අඩංගුවට ගෙන තිබුණි.

ඒ අනුව ඔවුන් ඊයේ පස්වරුවේ සමන්තුරෙයි වැඩබලන මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මද්‍රසා පාසලේ විදුහල්පතිවරයා සහ ගුරුවරයා ලබන මස 02වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත.

ට්‍රැක්ටර් රථයේ සහායකයින් දෙදෙනා ඇප මත මුදාහැර ඇති බව සඳහන් ය.

පසුගිය 26 වැනිදා පස්වරුවේ සිසුන් 11 දෙනෙකු ඇතුළු පිරිසක් ගමන් කරමින් සිටි ට්‍රැක්ටර් රථය සැඩ පහරට හසුවී පෙරළී ගොස් තිබු අතර එහිදී සිසුන් 6 දෙනෙකු, ට්‍රැක්ටර් රථයේ රියදුරු ඇතුළු පුද්ගලයින් 8දෙනෙකු දියේ ගිලී අතුරුදන්වී තිබුණි.

සිද්ධියෙන් මියගිය සිසුන් 5 දෙනෙකුගේ, ට්‍රැක්ටර් රථයේ රියදුරාගේ සහ එහි ගමන් කළ තවත් පුද්ගලයෙකුගේ මළසිරුරු මේ වනවිට සොයාගෙන ඇති අතර අතුරුදන් වූ අනෙක් සිසුවා සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකය.

මාර්ගය අවදානම් බැවින් බස් රථය පවා ධාවනය කිරීම නතර කර තිබියදී හමුදාවේ උපදෙස් නොතකා, මුදලට මගීන් ප්‍රවාහනය කරන ට්‍රැක්ටර් රථයෙන් දරුවන් නිවෙස් වෙත රැගෙනයෑමට උපදෙස් ලබාදී ඇත්තේ විදුහල්පතිවරයා බව පොලිස් විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී තිබූ බව ඊයේ වාර්තා විය.

මේ අතර ට්‍රැක්ටර් රථයේ සහායක ලෙස සිටි පුද්ගලයෙක් අනතුර සිදුවූ අවස්ථාවේ බේරී පළාගොස් සිට ඇති බවත් අනාවරණ වූ අතර පසුව එම පුද්ගලයාවද අත්අඩංගුවට ගැණුනි. ඒ එම පුද්ගලයා කාර්තිව් පොලීසියට ගොස් ඊයේ බාරවීමෙත් සමඟය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT