Sunday, April 20, 2025
Home » නත්තල් සීයාට එන ඇමතුම්

නත්තල් සීයාට එන ඇමතුම්

by chanaka
November 29, 2024 10:30 am 0 comment

නත්තලට මසකට අඩු කාලසීමාවක් තිබියදී ඔස්ට්‍රේලියානුවන්ගෙන් නත්තල් සීයාට ලැබී ඇති ඇමතුම් සංඛ්‍යාව 14500 ඉක්මවා තිබේ.

පසුගිය නොවැම්බර් 20 වනදා සිට ඔස්ට්‍රේලියානුවන්ට නත්තල් සීයා වෙත ඇමතුම් ලබා ගැනීමට අවස්ථාව හිමිවූ අතර උත්තර ධ්‍රැවය දක්වා දිවෙන මෙම දුරකතන මාර්ගය නිල වශයෙන් විවෘතව තිබුණූ බව ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කරයි.

#HO HO HO (#46 46 46) යන දුරකතන අංකයට Telstra Payphone භාවිතයෙන් ඇමතුමක් ලබා ගැනීම තුළින් ඔස්ට්‍රේලියානුවන්ට නත්තල් සීයා සමග කතා කිරීමට අවකාශය හිමිවේ.

ඔස්ට්‍රේලියාව පුරා තිබෙන Telstra Payphone භාවිතයෙන් නොමිලේම මෙම අත්දැකීම ලබා ගැනීමට හැකියාව ඇති අතර මෙල්බන් , සිඩ්නි සහ බ්‍රිස්බන් හි තිබෙන Telstra වෙළද සැල්වලට පැමිණීමෙන් ද ඔස්ට්‍රේලියානුවන්ට නත්තල් සීයා සමග සම්බන්ධ වීමට අවස්ථාව හිමි ව තිබේ.

Telstra Payphone වාර්තා අනුව ඔස්ට්‍රේලියානු දරුවන් රැසක් මේ වන විට උත්තර ධ්‍රැවයේ සිටින නත්තල් සීයා හා සම්බන්ධ වී ඇති බව සදහන්වේ.

දෙසැම්බර් 24 වැනිදා දක්වා මෙම සේවාව ක්‍රියාත්මක වන අතර ඔස්ට්‍රේලියානු ළමුන් වැඩි දෙනෙක් මෙවර නත්තල් සීයා හා සම්බන්ධවීමට සූදානම් බව වාර්තා වේ.

කුඩා ළමුන්ට නත්තල් සීයා සමග අවශ්‍ය ඕනෑම දෙයක් ගැන සාකච්ඡා කිරීමට මේ ඔස්සේ අවස්ථාව හිමි වන බව වැඩිදුරටත් වාර්තා වේ.

තොරතුරු මූලාශ්‍ර – AUS LANKA

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT