– පුද්ගලයෝ සිව්දෙනෙක් මරුට
– ගුවන් ගමන් 156ක් අවලංගු කරයි
දකුණු කොරියාවේ සෝල් නුවර වසර 100කට පසු හිමෙන් වැසී ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මෙවර සීත සෘතුවේ පළමු හිමපතනය සිදුවූ පෙරේදා සෝල් නුවරට සෙන්ටිමීටර් 16.5ක හිම පතනයක් සිදුවූ බවත්, එවැනි විශාල ප්‍රමාණයේ හිමපතනයක් සිදුවී ඇත්තේ 1907 බව කොරියානු කාලගුණ විද්‍යා පරිපාලනය ප්‍රකාශ කළ බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. මීට පෙර මේ සියවසේ සිදුවූ විශාලතම හිමපතනය වාර්තා වී ඇත්තේ 1972 නොවැම්බර් 28 වැනිදා වන අතර, එවර ඇද වැටුණු හිමපතනය සෙන්ටිමීටර් 12.4 ක අගයකින් යුතු වූ බවද විදෙස් මාධ්‍ය සඳහන් කළේය.
අධික හිමපතනය හේතුවෙන් මේ වන විට මරණ 4ක් ද වාර්තා වන අතර, දකුණු සෝල් නුවර ගමනාගමනය සහ ගුවන් ගමන්වලට ද දැඩි බාධා සිදුවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. නැඟෙනහිරින් පිහිටි ගංගොං ප්‍රාන්තයේ වොන්ජු නුවර අධිවේගී මාර්ගයක රථවාහන 53ක් සිරවී ඇති බවත්, එහිදී සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයන් 11 දෙනකු තුවාල ලබා ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය. සෝල් නුවර ඇතැම් පළාත්වල අඟල් 15කට වැඩි උසකට හිම ගොඩ ගැසී ඇති අතර, අධික හිම තත්ත්වය හේතුවෙන් ගුවන් ගමන් 156ක් අවලංගු කිරිමට බලධාරීන්ට සිදුවී ඇතැයි ද වාර්තා වේ.