Sunday, April 20, 2025
Home » කලාඔය ද්‍රෝණියේ අයට අනතුරු ඇඟවීමක්

කලාඔය ද්‍රෝණියේ අයට අනතුරු ඇඟවීමක්

by yasara
November 29, 2024 2:55 pm 0 comment

කලාඔය ද්‍රෝණිය සඳහා නිකුත් කර තිබූ ගංවතුර අනතුරු ඇඟවීම තවත් පැය 24කින් දීර්ඝ කළ බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අද (29) පෙරවරුවේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

මෙම තත්ත්වය පිළිබඳව දැඩි අවධානයෙන් සිටින ලෙස එම ප්‍රදේශ වල වෙසෙන ජනතාවගෙන් එම දෙපාර්තුමේන්තුව ඉල්ලා සිටියි.

එමෙන්ම ප්‍රදේශ හරහා වැටී ඇති මාර්ගවල සහ අතුරු මාර්ගවල ගමන්ගන්නා රියදුරන්ට ද මේ පිළිබඳව විශේෂ අවදානයක් යොමුකරන ලෙසද වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දක්වා තිබෙයි.

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT