Home » පුංචි ඡන්දයේ දිනය උ/පෙළින් පසුව ප්‍රකාශයට

පුංචි ඡන්දයේ දිනය උ/පෙළින් පසුව ප්‍රකාශයට

by mahesh
November 29, 2024 1:00 am 0 comment

සුභාෂිණී සේනානායක

පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය අ.පො.ස. උසස් පෙළ විභාගය අවසන් වීමෙන් පසුව තීරණය කරන බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පැවසීය.

මේ මැතිවරණය පැවැත්විය හැකි දිනවකවානු සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ අවධානය යොමු කර තිබෙන බවත් ඒ සම්බන්ධයෙන් පෙරේදා (27) පැවැති රැස්වීමේදී දීර්ඝ ලෙස සාකච්ඡා කළ බවත් හෙතෙම කීවේය.

මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් නිශ්චිත දිනයක් තීරණය නොවූ බවත් ඉදිරියේදී කොමිසම රැස්වීමෙන් අනතුරුව ඒ ගැන තීරණයක් ගන්නා බවත් එය අ.පො.ස. උසස් පෙළ අවසන් වීමෙන් පසුව තීරණය කරන බවත් සභාපතිවරයා පැවසුවේය.

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය අනුව පළාත් පාලන මැතිවරණය ඉතා කඩිනමින් පැවැත්විය යුතු බැවින් ඒ සඳහා කොමිෂන් සභාව සූදානමින් සිටින බව ද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT