Monday, April 21, 2025
Home » දකුණු අප්‍රිකා පළමු ඉනිම නිමාවෙයි

දකුණු අප්‍රිකා පළමු ඉනිම නිමාවෙයි

by yasara
November 28, 2024 5:10 pm 0 comment

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිම සඳහා අප්‍රිකාව පන්දුවාර 49යි පන්දු 4කදී සියලු දෙනා දැවී ලකුණු 191ක් රැස් කළේය.

තරගයේ දෙවන දිනය වූ අද (28) තරගය ආරම්භ කරන විට අප්‍රිකා කණ්ඩායම කඩුලු 4ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 80කි.

ඒ අනුව අද දිනයේ අප්‍රිකා කණ්ඩායමේ අනෙක් කඩුලු 6 ලකුණු 111කට දැවී ගියහ.

පන්දු යැවීමේදී ලහිරු කුමාර කඩුලු 03ක්, අසිත ප්‍රනාන්දු කඩුලු 3ක්, විශ්ව ප්‍රනාන්දු කඩුලු 2ක් සහ ප්‍රභාත් ජයසූරිය කඩුලු 2ක් බිඳ දැමුවේය .

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT