Monday, April 21, 2025
Home » ‘ළමා මනස’ පිළි­බඳ මනෝ­වි­ද්‍යා­වෙන් ප්‍රවේ­ශ­යක්

‘ළමා මනස’ පිළි­බඳ මනෝ­වි­ද්‍යා­වෙන් ප්‍රවේ­ශ­යක්

by Gayan Abeykoon
November 28, 2024 1:00 am 0 comment

මහ­ර­ගම - උදෙනි චන්ද්ර­සිරි

ශ්‍රී ලාංකේය ළමා සාහිත්‍ය සහ ග්‍රැෆික් චිත්‍ර නිර්මා­ණ­ක­ර­ණයේ නියැ­ළෙන ශිල්පී ශිල්පි­නි­යන් පන­ස්පස් දෙන­කුගේ සහ­භා­ගි­ත්ව­යෙන්, තෙදි­නක පුහුණු වැඩ­මු­ළු­වක්, බුද්ධ­ශා­සන ආග­මික සහ සංස්කෘ­තික කට­යුතු අමා­ත්‍යාං­ශයේ අති­රේක ලේකම් තිලක් නන්දන හෙට්ටි­ආ­රච්චි මහ­තාගේ මෙහෙ­ය­වී­මෙන් ඉකුත් 22 වැනිදා සිට 24 වැනිදා දක්වා කුණ්ඩ­සාලේ සංස්කෘ­තික මධ්‍ය­ස්ථා­න­යේදී පැවැ­ත්විණ.

එහිදී ‘ළමා හිතට වර­දින්නේ මොන­වාද, ළමා මනස පිළි­බඳ මනෝ­වි­ද්‍යා­වෙන් ප්‍රවේ­ශ­යක්’ මැයෙන්, පේරා­දෙ­ණිය විශ්ව­වි­ද්‍යා­ලයේ මනෝ­විද්‍යා අධ්‍ය­යන අංශයේ අංශා­ධි­පති, ආචාර්ය අසංක බුල­ත්වත්ත, ‘සාහි­ත්‍යය ළමා මන­සට කරන බල­පෑම’ මැයෙන් සාහි­ත්‍ය­වේදී කපිල එම්. ගමගේ, ‘ළමා සාහිත්‍ය නිර්මා­ණ­ක­ර­ණයේ ශිල්ප විධි භාවි­තය’ මැයෙන් පේරා­දෙ­ණිය විශ්ව­වි­ද්‍යා­ලයේ සිංහල අධ්‍ය­යන අංශයේ ජ්‍යෙෂ්ඨ කථි­කා­චාර්ය ආචාර්ය මහින්ද රත්නා­යක සහ පේරා­දෙ­ණිය විශ්ව­වි­ද්‍යා­ලයේ සිංහල අධ්‍ය­යන අංශයේ මහා­චාර්ය ලිය­නගේ අම­ර­කීර්ති යන සම්ප­ත්දා­ය­ක­යින් මෙහිදී දේශන පැවැ­ත්වූහ.

අමා­ත්‍යාං­ශයේ සංස්කෘ­තික ප්‍රව­ර්ධන නිල­ධා­රිනී දම­යන්ති ගුණ­සිංහ මෙම වැඩ­ස­ට­හන මෙහෙ­යවූ අතර, සංස්කෘ­තික ප්‍රව­ර්ධන නිල­ධාරි සිසිර කුමාර මහ­ග­මගේ මෙහෙ­ය­වී­මෙන්, සුභා­විත ගීත රස­වි­න්දන වැඩ­ස­ට­හ­නක්ද පැවැ­ත්විණ.

වැඩ­ස­ට­හන සහ­භාගී වූ ළමා සාහි­ත්‍ය­වේදී වේදි­නි­යන් සමඟ පේරා­දෙ­ණිය විශ්ව­වි­ද්‍යා­ලයේ සිංහල අධ්‍ය­යන අංශයේ මහා­චාර්ය ලිය­නගේ අම­ර­කීර්ති, ඡායා­රූ­ප­යෙන් දැක්වේ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT