ශ්‍රී ලාංකේය ළමා සාහිත්‍ය සහ ග්‍රැෆික් චිත්‍ර නිර්මාණකරණයේ නියැළෙන ශිල්පී ශිල්පිනියන් පනස්පස් දෙනකුගේ සහභාගිත්වයෙන්, තෙදිනක පුහුණු වැඩමුළුවක්, බුද්ධශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් තිලක් නන්දන හෙට්ටිආරච්චි මහතාගේ මෙහෙයවීමෙන් ඉකුත් 22 වැනිදා සිට 24 වැනිදා දක්වා කුණ්ඩසාලේ සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්විණ.
එහිදී ‘ළමා හිතට වරදින්නේ මොනවාද, ළමා මනස පිළිබඳ මනෝවිද්‍යාවෙන් ප්‍රවේශයක්’ මැයෙන්, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යා අධ්‍යයන අංශයේ අංශාධිපති, ආචාර්ය අසංක බුලත්වත්ත, ‘සාහිත්‍යය ළමා මනසට කරන බලපෑම’ මැයෙන් සාහිත්‍යවේදී කපිල එම්. ගමගේ, ‘ළමා සාහිත්‍ය නිර්මාණකරණයේ ශිල්ප විධි භාවිතය’ මැයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය මහින්ද රත්නායක සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්ය ලියනගේ අමරකීර්ති යන සම්පත්දායකයින් මෙහිදී දේශන පැවැත්වූහ.
අමාත්‍යාංශයේ සංස්කෘතික ප්‍රවර්ධන නිලධාරිනී දමයන්ති ගුණසිංහ මෙම වැඩසටහන මෙහෙයවූ අතර, සංස්කෘතික ප්‍රවර්ධන නිලධාරි සිසිර කුමාර මහගමගේ මෙහෙයවීමෙන්, සුභාවිත ගීත රසවින්දන වැඩසටහනක්ද පැවැත්විණ.
වැඩසටහන සහභාගී වූ ළමා සාහිත්‍යවේදී වේදිනියන් සමඟ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්ය ලියනගේ අමරකීර්ති, ඡායාරූපයෙන් දැක්වේ.