Monday, April 21, 2025
Home » බස් රථයේදී ඇහින්ද පසු­ම්බිය අයිතිකරුට දීලා විශ්ව­වි­ද්‍යාල ශිෂ්‍යයාගේ අපූරු ආදර්ශය

බස් රථයේදී ඇහින්ද පසු­ම්බිය අයිතිකරුට දීලා විශ්ව­වි­ද්‍යාල ශිෂ්‍යයාගේ අපූරු ආදර්ශය

by Gayan Abeykoon
November 28, 2024 1:03 am 0 comment

ගල්පාත - චන්දන ජය­ලාල්

කළු­තර සිට හොරණ දක්වා සවස ධාව­නය වූ පෞද්ග­ලික බස් රථ­යක් තුළ පිටු­පස අසු­නක් මත යම් පාර්ස­ල­යක් ඇති බව බස් රථයේ ගමන් කර­මින් සිටි විශ්ව­වි­ද්‍යාල ශිෂ්‍ය­යෙකු දැක ඇති අතර එම පාර්ස­ලය පරීක්ෂා කර බැලී­මේදී එහි මුදල් පසු­ම්බි­යක් තිබී ඇත. මුදල් පසු­ම්බිය තුළ රුපි­යල් 74,000ක් සහ ලිය­කි­ය­විලි කිහි­ප­යක් සමඟ හිමි­ක­රුගේ ඡායා­රූ­ප­යක් සහ ඡායා­රූප ආය­ත­නයේ දුර­ක­තන අංක ඇතු­ළත් රිසි­ට්ප­තක් තිබී ඇත.

එම රිසි­ට්පතේ තිබූ ඡායා­රූප ශාලාවේ දුර­ක­තන අංක­යට අමතා එම ඡායා­රූ­පයේ සිටි පුද්ග­ල­යාගේ තොර­තුරු ලබා­ගෙන එදි­නම (24) සවස එම මුදල විශ්ව­වි­ද්‍යාල ශිෂ්‍යයා විසින් කෙසෙ­ල්හේ­නාව ප්‍රදේ­ශයේ පදිංචි මුදල් පසු­ම්බියේ හිමි­කරු වෙත භාරදී ඇති අතර සම්බ­න්ධී­ක­ර­ණය කළ ඡායා­රූප ශාලා හිමි­ක­රුට ද ස්තූති පුද කර­න්නට ඔහු අම­තක නොක­ළේය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT