Home » රත්න­පුර අධි­ක­ර­ණයේ සිර­කු­ටි­යට දුම්කොළ රෝලක් විසි­කළ අයෙක් රිමාන්ඩ්

රත්න­පුර අධි­ක­ර­ණයේ සිර­කු­ටි­යට දුම්කොළ රෝලක් විසි­කළ අයෙක් රිමාන්ඩ්

by Gayan Abeykoon
November 28, 2024 1:00 am 0 comment

රත්න­පුර විශේෂ - එන්.පී. රාජ­දොරේ

රත්න­පුර මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණයේ පැවති නඩු­ව­කට පැමිණි පුද්ග­ල­යකු රත්න­පුර අධි­ක­ර­ණ­යේදී හඳු­නා­ගත් පුද්ග­ල­යකු විසින් ලබා­දුන් කුඩා තල­බෝල ප්‍රමා­ණයේ දුම්කොළ රෝලක් සිර­කු­ටි­යට විසි කිරීම සම්බ­න්ධ­යෙන් අත්අ­ඩං­ගු­ව­ට‍ ­ගෙන රත්න­පුර මහේ­ස්ත්‍රාත් සමන් පර­ණ­ගම මහතා හමු­වට ඉදි­රි­පත් කිරී­මෙන් පසු සැක­කරු ලබන දෙසැ­ම්බර් මස 6 දක්වා රක්‍ෂිත බන්ධ­නා­ගා­ර­ගත කරන ලෙස නියෝග කර­න­ලදි.

පැල්ම­ඩුල්ල, නාරං­ගොඩ පදිංචි ටෙනි­සන් සරත් කුමාර නමැති 40 හැවි­රිදි අයෙකු මෙසේ රක්‍ෂිත බන්ධ­නා­ගා­ර­ගත කෙරිණි. තල­ගුළි ප්‍රමා­ණයේ කුඩා ගුළි පාර්ස­ල­යක් සැක­කරු අධි­ක­ර­ණයේ සිර­කු­ටිය තුළට විසි­ක­රනු දුටු බන්ධ­නා­ගාර

නිල­ධා­රි­යකු විසින් විසි­ක­රන ලද ගුළිය ලිහා බැලී­මේදී එහි දුම්කොළ තිබෙනු දැක ඇත. වහාම තම භාර­යට ගෙන මහේ­ස්ත්‍රා­ත්ව­ර­යාට දන්වා සැක­කරු රත්න­පුර අධි­ක­රණ පොලිස් මුර පොළේ ස්ථාන භාර නිල­ධාරි උප­පො­ලිස් පරී­ක්ෂක අනුර බණ්ඩාර මහ­තාට භාරදී ඇත. සැක­ක­රු­ගෙන් ප්‍රශ්න කිරී­මේදී තමාට අධි­ක­ර­ණ­යේදී හඳු­නා­ගත් පුද්ග­ල­යකු මෙම කුඩා පාර්ස­ලය ලබා දී සිර­කු­ටි­යට විසි­ක­රන ලෙස කී බවත් ඒ අනුව තමා විසි­කළ බවත් එහි තිබුණේ කුමක්ද යන්න තමා නොදන්නා අතර ලබා දුන් පුද්ග­ලයා කවු­දැයි තමා නොදන්නා බවද පවසා ඇත.

රත්න­පුර අධි­ක­රණ සංකී­ර්ණයේ පොලිස් මුර­පොළේ ස්ථාන භාර නිල­ධාරි අනුර බණ්ඩා­ර­නා­යක මහතා විසින් සැක­කරු රත්න­පුර පොලී­සි­යට භාර­දෙනු ලැබූ අතර රත්න­පුර පොලී­සිය විසින් පෙරේදා (26) අධි­ක­ර­ණයේ නඩු පව­රන ලදි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT