Sunday, April 20, 2025
Home » ගලේ­වෙල හිරවුණු කානු ක්‍රම­වත් කරන්න

ගලේ­වෙල හිරවුණු කානු ක්‍රම­වත් කරන්න

by Gayan Abeykoon
November 28, 2024 1:00 am 0 comment

ගලේ­වෙල මධ්යම සමූහ - පී.ජී. ගුණ­ති­ලක

ගලේ­වෙල නග­රයේ කානු පද්ධ­තිය අක්‍ර­ම­වත්ව තිබීම හේතු­වෙන් ආප­ණ­ශා­ලා­ව­ලින් නිකු­ත්වන අප­ජ­ලය හා වැසි ජලය ගලා යෑම අව­හිර වී ඇති බව නග­ර­වා­සීන් හා ව්‍යාපා­රි­කයෝ චෝදනා කරති. මීට අම­ත­රව කානු­වල තැනින් තැන වැලි හා පස් එක­තු­වීම ද මීට හේතු වී ඇත.

මේ හේතු­වෙන් එම ජල­යෙන් ඩෙංගු කීට­යන් බෝවී වසං­ගත රෝග පැති­රීමේ අව­දා­න­මක් මතුව ඇති බවද ඔවුහු කියා සිටිති. මීට ප්‍රධාන හේතුව මෙම කානු පද්ධ­තිය ප්‍රාදේ­ශීය සභාව විසින් නිසි ලෙස නඩත්තු නොකි­රීම බව නග­ර­වා­සීන් හා ව්‍යාපා­රික ප්‍රජාව පව­සති. ඉදිරි මාස් කන්නයේ ඇති­වන මෝසම් වැසි සහිත කාල­ගු­ණික තත්ත්වය නිසා මෙම තත්ත්වය බර­ප­තළ වීමට ඉඩ ඇති බව පෙන්වා දෙන ඔවුහු වැඩි­දු­ර­ටත් කියා සිටින්නේ, මේ හේතු­වෙන් ගලේ­වෙල නග­රයේ කානු පද්ධ­තිය නිසි ලෙස නඩත්තු කර තමන්ගේ ශරීර සෞඛ්‍ය යහ­පත් ලෙස පව­ත්වා­ගෙන යෑමට ඉඩ සලසා දීමට පිය­වර ගන්නා ලෙසයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT