ගලේවෙල නගරයේ කානු පද්ධතිය අක්‍රමවත්ව තිබීම හේතුවෙන් ආපණශාලාවලින් නිකුත්වන අපජලය හා වැසි ජලය ගලා යෑම අවහිර වී ඇති බව නගරවාසීන් හා ව්‍යාපාරිකයෝ චෝදනා කරති. මීට අමතරව කානුවල තැනින් තැන වැලි හා පස් එකතුවීම ද මීට හේතු වී ඇත.
මේ හේතුවෙන් එම ජලයෙන් ඩෙංගු කීටයන් බෝවී වසංගත රෝග පැතිරීමේ අවදානමක් මතුව ඇති බවද ඔවුහු කියා සිටිති. මීට ප්‍රධාන හේතුව මෙම කානු පද්ධතිය ප්‍රාදේශීය සභාව විසින් නිසි ලෙස නඩත්තු නොකිරීම බව නගරවාසීන් හා ව්‍යාපාරික ප්‍රජාව පවසති. ඉදිරි මාස් කන්නයේ ඇතිවන මෝසම් වැසි සහිත කාලගුණික තත්ත්වය නිසා මෙම තත්ත්වය බරපතළ වීමට ඉඩ ඇති බව පෙන්වා දෙන ඔවුහු වැඩිදුරටත් කියා සිටින්නේ, මේ හේතුවෙන් ගලේවෙල නගරයේ කානු පද්ධතිය නිසි ලෙස නඩත්තු කර තමන්ගේ ශරීර සෞඛ්‍ය යහපත් ලෙස පවත්වාගෙන යෑමට ඉඩ සලසා දීමට පියවර ගන්නා ලෙසයි.